(ඩබ්. ඒ. පියතිලක)
අංගමැඩිල්ල ජාතික උද්‍යානයේ කළ සෝදිසි මෙහෙයුමකදි තුවක්කු දෙකක්, හක්කපටස් 4ක්, කේබල් යොදා සැකසූ සත්ව උගුල් 15ක් අද(15) සිය බාරයට ගත් බව නිකවැව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීහු පවසති.
අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ වරික්කුඹුක ප්‍රදේශය තුළ වන සතුන්දඩයම් කිරීම සඳහා සඟවා තිබූ මෙම උපකරණ සොයාගත් බව නිලධාරීහු කීහ.
මෙම වැටලිම සදහා අංගම්මැඩිල්ල ජාතික උද්යානයට අයත් නිකවැව පිහිටි බිට්ටු කාර්යාලයේ ස්ථානභාර නිලධාරී වන සත්ව නියාමක නිමල් ප්‍රෙමරත්න, සිවිල් ආරක්ෂක චන්ද්‍ර කුමාර, නියාමක බන්දුල යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
අත්අඩංගුවට ගත් උපකරණ හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බව වනජීවී නිලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd