(ජේ.කේ.එල් චාමින්ද)
උඩුගම කැටගොඩ බස්නැවතුමේ දි පෞද්ගලික බස් රථයක් පිටුපසට ධාවනය කිරීමේ දි එම බසයට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව උඩුගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ එච්. ජී. ප්‍රියංක ප්‍රියදර්ශනි (44) නැමති හිනිදුම බෝධිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෞද්ගලික බස් රථය ගාල්ල උඩුගම මාර්ගයේ ධාවනය වන බස්රථයකි. බස් රථය ගාල්ලේ සිට අවසාන ගමාන්තය වන උඩුගම කැටගොඩ බස් නැවතුම්පොළට පැමිණ එය පසු පසුට ගැනීමේ දි ඊට යටවීමෙන් කාන්තාව මියගොස් ඇති බැව් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
පෞද්ගලික බස් රථ රියදුරු බස් රථයට පිටුපසට ගැනීමේ දි මිනිසුන් කෑගසා ඇති අතර පසුව ඔහු යළි බස් රථය ඉදිරියට ගෙන ඇත. කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය.
රියදුරු සහ කොන්දොස්තරවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
උඩුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බසයකට යටවී කතක් මරුට - රියදුරු කොන්දොස්තර අත්අඩංගුවට