මොනරාගල පවුල් 1150ක් අවතැන් දින දෙකක් තිස්සේ නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 1150ක් අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසීය. 20 December 2019
අලුත්නුවර හල්ගහවෙළ මාර්ගය ගිලා බසී කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අලුත්නුවර හල්ගහවෙල ප්‍රදේශයෙන් මාර්ගය ස්ථාන දෙකකින් ගිලා බැසීමට ලක්ව තිබේ. 20 December 2019
රිය අනතුරින් තරුණයෙක් මරුට දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව ඔය හන්දිය ප්‍රදේශයේදී අද (20) ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 20 December 2019
ඌව පරණම 21 දෙනෙකු ඉවත් කෙරේ ඌව පරණගම, ගලහගම අලුත්වත්ත ඇළනාය යන ප්‍රදේශ නායයාම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඉවත්කර ඥාති නිවාස වල රැඳවීමට පියවර ගත් බව ඌව පරණගම ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ අපදා කළමනාකරණ ඒකකය පවසයි. 20 December 2019
නිවසකට ගල් බැම්මක් කඩා වැටි පියා-පුතුන් දෙදෙනා රෝහලේ පස්සර නගරයේ බණ්ඩාරනායක මාවතේ නිවසක් මතට අද ( 20 ) උදෑසන ගල් බැම්මක් කඩාවැටීමේන් නිවසේ සිටි පිය පුතු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 20 December 2019
බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගංවතුරට කොටු වෙති නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාරය ගලා බදුල්ල සුමනතිස්ස ගම , බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගම්මානය තුළම කොටුවී සිටිති . 20 December 2019
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 19 December 2019
පස්සර නායයාමකින් නිවාස දෙකක් විනාශයි පස්සර - වැල්ගොල්ල ගම්මානයේ අද (19) සිදුවූ නායයාමකින් නිවාස දෙකක මුළුමනින්ම විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය. 19 December 2019
වසර 9 කට පෙර සැකකරුවෙක් මියයාමේ නඩුවක් යළි කැඳවන්න නියෝග වසර නවයකට පෙර අධිකරණයේ රැඳවුම් නියෝග මත ඇඹිලිපිටිය පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් නොමැතිව වසර හයක කාලයක් තිස්සේ බහා ඇති නඩුවක් ලබන ජනවාරි 06 දින යළි කැඳවීමට නියෝග කළ ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.පී.ආර්.එල් විදානගමගේ මහත්මිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ ඇඹිලිපිටිය පොලිසියට අද (19) නොතීසි නිකුත් කළාය. 19 December 2019
වරාය සභාපති වැඩ බාර නොගැනීමෙන් කටයුතු අඩාලයි පත්විම් ලැබ සතියක් ඉක්ම යනතුරුත් වරායේ නව සභාපති වැඩ බාර නොගැනීම නිසා වරායේ කටුයතු රැසක් අඩාල වී ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා අද (19) පැවසීය. 19 December 2019
මනම්පිටියේ වැලි ගොඩදමන කම්කරුවෝ විරෝධයක පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදැමීම තාවකාලිකව අත්හිටුවීමෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි කියමින් අද(19) කම්කරුවෝ පිරිසක් මනම්පිටිය මහවැලි පාලම අසළ සාමකාමී විරෝධතාවක නිරතවූහ. 19 December 2019
පුද්ගලයකුට පහරදුන් සිව්දෙනෙක් රිමාන්ඩ් බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැරගත් සිව්දෙනෙකු දෙසැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරියපටබැඳි මහතා නියෝග කළේය. 19 December 2019
අලුත්ගම වෙළඳසැල් 13කට නඩු අලූත්ගම ප්‍රදේශයේ, මිනිස් පරිභෝජනයට නුසුදුසූ ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසැල් 13කටනඩු පැවරීමට කටයුතු කළ බව කලුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පැවසීය. 19 December 2019
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් යළි විවෘත කරයි කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදු වූ බවට වාරිමාර්ග නිලධාරීහූ පැවසූහ. 19 December 2019
ඇල්ල ප්‍රා. සබේ උණුසුම් වෙයි ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය දෙවනවර සම්මත කිරිමෙන් සභාවේ අද (19) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. 19 December 2019
ග්‍රාම නිලධාරිවරයකුට පිහියෙන් ඇන්න අයෙක් අත්අඩංගුවට ග්‍රාම නිලධාරියෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළැයි සැකපිට පුද්ගලයෙකු අද(19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය කියයි. 19 December 2019
නඩු භාණ්ඩ සොරකම් කළැයි අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9,870 ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16 ක් සොරකම් කළැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අද (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 19 December 2019
බදුල්ල-මොරහෙල මාර්ගයට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා බදුල්ල-මොරහෙල ප්‍රධාන මාර්ගයේ එකේ කණුව නිකපොත ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල සියඹලා ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අද (19) බාධා එල්ලවිය. 19 December 2019
මස්කෙළිය ප්‍රා. සභා මන්ත්‍රීවරු 5ක් සත්‍යග්‍රහයක මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බලකරමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 5දෙනෙකු අද(19) රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවී සිටිති. 19 December 2019
රත්නපුර ශ්වසන රෝග සායනය අත්හිටුවයි හෙද කාර්ය මණ්ඩල නොමැතිකමින් රත්නපුර ළය චිකිත්සාගාරයේ ශ්වසන රෝග සායන කටයුතු අද (19) අත්හිටුවා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසුවේය. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රොගීන් 500කට අසන්න පිරිසකට ප්‍රතිකාර නොගෙන නැවත නිවෙස් කරා යාමට සිදුවිය. 19 December 2019
වරාය සේවකයෙකුගේ බෙල්ලකපා තුවාල කළ අයෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 10 ක මුදල් ගනුදෙනුවකට අදාළව වරාය සේවකයෙකුගේ බෙල්ලකපා බරපතල තුවාල කළැයි කියන සිද්ධියට වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය. 18 December 2019
රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරියේ ඇරඹේ දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරි මස 15 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පැවැසීය. 18 December 2019
කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරියේ ඇරඹේ වසර පහක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ලංකාදීපයට අද (18) පැවසුවාය. 18 December 2019
කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස් කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. 18 December 2019
උමංදොළ ඇළ රක්ෂිතයේ ගස් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට දැරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාලිබොඩ ග්‍රාම සේවා වසමේ ඔරු පිහිල්ලගම, උමංදොළ ඇළ රක්ෂිතයේ ගසක් කැපූ දෙදෙනෙකු දෙහිඕවිට අඩවි වන කාර්ය්යාලයේ නිලධාරීන් විසින් අද (18)අත්තඩංගුවට ගෙන ඇත. 18 December 2019
ළමා අපයෝජකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණැයි උද්ඝෝෂණයක් බාලවයස්කාර දැරියක අපයෝජනය කළ පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව පවසමින් අද(18) බණ්ඩාරවෙල පොලිසිය ආසන්නයේදී ප්‍රදේශවාසීහු විරෝධයක නිරතවූහ. 18 December 2019
මධ්‍යම පළාතේ ප්‍රා. ලේ. කොට්ඨාස 5කට නායයෑමේ අනතුරු ඇඟවීම් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට ජාතික ගොඩනැගිලි සංවිධානය විසින් අද (18) නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබ තිබේ. 18 December 2019
අ’පුර ශික්ෂණ රෝහලේ සේවකයෝ වහලට නැග විරෝධයක අනුරාධපුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ පස්දෙනෙක් අද(18) රෝහල් භුමියේ පිහිටි උස් ගොඩනැගිල්ලකට නැග විරෝධතාවක නිරතව සිටිති. 18 December 2019
මුල්‍ය වංචාවක් ගැන අභ්‍යන්තර විමර්ශනයක් මාළු දැල් නිෂ්පාදනය කරන රජයට අයත් නෝර්ත් සී ආයතනයේ සිදු වූ රුපියල් මිලියන 350ක මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ. 18 December 2019
පුද්ගලයකුට පහර දී අත් පළදනාව පැහැරගත් තිදෙනෙකු අත්අඩංගුවට යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (18) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025