IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මුල්‍ය වංචාවක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

(දසුන් රාජපක්ෂ) 

මාළු දැල් නිෂ්පාදනය කරන රජයට අයත් නෝර්ත් සී ආයතනයේ සිදු වූ රුපියල් මිලියන 350ක මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය ආණ්ඩුව යටතේ සිදුකර ඇති බව කියන මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නොර්ත් සී ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (18) පැවසිය.

මෙම අභ්‍යන්තර විමර්ශනය සිදුකිරීමට කමිටුවක් පත්කර තිබෙන අතර කඩිනමින් එහි ප්‍රගතිය දැක්වෙන විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස කමිටු සාමාජිකයන්ට දැනුම් දී ඇති බව ද ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළේය.

මෙරට ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය මළු දැල් නිෂ්පාදනය කරන එකම රාජ්‍ය ආයතනය වන නොර්ත් සී සමාගම මේ වන විට දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන නිසා මළු දැල් නිපදවීමේ කටයුතු ද අඩාල වී ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ධීවර කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන ව්‍යවසායකයන් සමග නොර්ත් සී සමාගම මුහුණ පා සිටින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර එහි නිෂ්පාදන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

මුල්‍ය වංචාවක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්

Mahinda weerasingha Wednesday, 18 December 2019 12:31 PM

ආණ්ඩු මාරවෙන ගානට බිහිවෙන අධිකරන ශතයකට වත් විස්වාස කරන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site