වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට තුවාල වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුට සහ සැරයන්වරයෙකුට වරෙන්තුකරු විසින් අද (22) දහවල් පිහියකින් ඇන තුවාල සිදුකිරීම නිසා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 22 December 2019
පිස්තෝලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එයට යොදන ජීව උණ්ඩ 12ක් පොලොන්නරුව, කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන පුද්ගලයකු ළඟ තිබී අද(22) සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 22 December 2019
අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ වැලි කහගොල්ල ගම්මානයේ වගාවටකට ඇද තිබු අනවසර විදුලි රැහානක පය පැලිටමන් පුද්ගලයෙක් මියගොස් තිබේ. 22 December 2019
නීතිවිරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු රහිතව මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයකු අද(22) යක්කලමුල්ල උඩුවිටයන දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 22 December 2019
පහර දී පුද්ගලයකු මරා දැමී යැයි අඹු සැමි යුවළක් ඇතුළු 3 ක් අත්අඩංගුවට පහරදී පුද්ගලයකු මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනකු අද ( 22) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි. 22 December 2019
අම්පාරේ කොළනිය ගම්මානයට යන පාර ගිලා බසී අම්පාර දිස්ත්‍රික්කයට අයත් නාවදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 කොළනිය ගම්මානයට යන මාර්ගය අධික වර්ෂාව හේතුවෙන් කඩාගෙන ගොස් තිබේ. 22 December 2019
වනෝද්‍යානවල ටිකට් මිල අඩුවෙයි සංචාරකයකන් සඳහා වනෝද්‍යානවල ප්‍රවේශ පත්රමිල අඩු කිරීමට කටයුතු කරන බව පරිසර හා වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය. 22 December 2019
පස් වසරකට පසු කවුඩුල්ල වාන් දමයි මැදිරිගිරිය කවුඩුල්ල ජලාශය වසර 5කට පසුව මෙවර මහවැසි සමඟ වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 22 December 2019
මඩොල්සිම පිටමාරුවේ ගමන් නවතී පිටමාරුව පස්සර ප්‍රධාන මාර්ගයේ මඩොල්සිම පොලිස් වසමට අයත් බටවත්ත ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගය වෙත කඩා වැටීමෙන් අද (22) උදෑසන සිට පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මුළුමනින්මම අඩාල වී ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 22 December 2019
සෙන්ගල් ඔය අමුණ කඩා ගෙන යයි පල්ලම සෙන්ගල් ඔය අමුණ පැති බැම්ම කඩා ගෙන යාමෙන් ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ ගණනාවක් දැඩි අවදානමකට ලක්ව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජීත් අලහකොන් මහතා අද (22) පැවසීය. 22 December 2019
අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් කැළෑවකින් හමුවෙයි මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ දින 7ක් පුරාවට අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරක් කැලෑවක තිබී හමු වූ බව මුරුන්ගන් පොලීසිය පවසයි. 22 December 2019
අවසරෙන් වැලි කනිමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ආරච්චිකට්ටුව සෙංගල්ඔයේ බලපත්‍ර නොමැතිව වැලිකණිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැලි ට්‍රැක්ටරයක් සමග අද(22) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 22 December 2019
නිල්ගලදී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් බිබිල නිල්ගල ඖෂධීය වනයේ පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් අද 21 මැදගම ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු ගම්වාසීන් විසින් සිදුකෙරිණි. 21 December 2019
ගංවතුර පහව යෑම හේතුවෙන් පවුල් 37ක් යළි නිවෙස් කරා යවයි උල්හිටිය සහ රත්කිද ජලාශ වාන් දැමීම සහ ප්‍රදේශයේ තිබූ දිය කඳුරු පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්වයත් සමග තාවකාලික සහන කඳවුරු 2ක රඳවා සිටි මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහහේන හා තෙල් තෙල්දෙනියාය ග්‍රාම සේවා වසම් දෙකෙහි පවුල් 37කට අයත් පුද්ගලයින් 138ක් එම ගංවතුර තත්වය පහව යෑම හේතුවෙන් අද (21) උදෑසන යළිත් ඔවුන්ගේ නිවෙස් කරා තාවකාලිකව පිටත්කර යැවූ බව මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය. 21 December 2019
ගාල්ල කළුවැල්ල මුහුදේ මළසිරුරක් ගාල්ල කළුවැල්ල මුහුදේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (21) උදැසෑන ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ. 21 December 2019
මහඔය බොගමුයායේ කොටුවී සිටි 7දෙනෙකු හමුදාව බේරාගනී අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව හේතුවෙන් මහඔය බොගමුයාය ගම්මානයේ හිරවී සිටි පුද්ගලයින් 7 දෙනෙකු අද(20) යුද හමුදාවේ නිලධාරීන් බේරා ගෙන තිබේ. 20 December 2019
වැඩිමිලට සහල් විකිණූ වෙළෙන්ඳන් 89කට නඩු උපරිම සිල්ලර මිල රුපියල් 98ක් වන සම්බා සහ නාඩු සහල් වැඩි මිලට විකිණූ වෙළෙන්ඳන් 89දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද(20) පියවර ගත්තේය. 20 December 2019
සේවිකාවක අපහරණය කළ වී මෝල් හිමිකරුට වසර 20 ක සිරදඬුවම් කොහු මෝලක් තුළදී එහි සේවිකාවක අපහරණය කිරිමේ සිද්ධියකට වරදකරු වූ මෝල් හිමියාට බරපතල වැඩ සහිත වසර 20 ක සිරදඬුවමක් නියම කිරිමට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අද (20) නියම කළාය. 20 December 2019
බැංකුවක ණය අයකරන්නෙකුට මූන්දලමේදී පහරදීලා මුන්දලම වේලාසිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක ණය අයකරන්නෙකු තියුණු ආයුධ වලින් කැපුම් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට අද (20) දහවල් ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය කියයි. 20 December 2019
මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකුට මරණ දඬුවම පුද්ගලයකුට පොලුවලින් පහර දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. 20 December 2019
බණ්ඩාරවෙල රිය අනතුරකින් 3ක් රෝහලේ ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ අම්පිටිය හන්දියේදි නාවික හමුදා ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් අද(20) තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි. 20 December 2019
කරුවලගස්වැව පහරිය ජලාශය වාන් දමයි වසර කීපයකට පසු පහරිය ජලාශය අද (20) අලුයම සිට වාන් දැමීම ආරම්භ වී ඇති බව පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පැවසීය. 20 December 2019
කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර නත්තල් දිනය නිමිත්තෙන් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර පිරිනැමීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ශ්‍රවනාගාරයේදී අද (20) පැවැත්විණි. 20 December 2019
නාච්චදූවට හැමූ සුළගින් නිවාස 42 කට හානි අධික වැස්සත් සමඟ නාච්චදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා අද (20) හමා ගිය දැඩි සුළඟකින් කලුආරච්චියාගම , හිදෝගම , සුහදගම යන ගම්මානවල නිවාස 42 ක් හා ගෙවතු රැසක් විනාශයයට පත්විය. 20 December 2019
දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි ළිඳකට වැටී මිය ගිය 39 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් අද (20) සොයා ගත් බව හබරාදුව පොලිසිය කියයි. 20 December 2019
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 15 බැගින් විවෘත කරයි කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද ( 20) උදෑසන සිට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ. 20 December 2019
මාතලේ මාර්ග කිහිපයකටත් පස් කඳු කඩා වැටෙයි නොකඩවා දින 06ක් පමණ මාතලේ දිස්ත්‍රික්යට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පස් කදු කඩා වැටිමෙන් මාර්ග රැසක ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබේ. 20 December 2019
ඇතිමලේ අවතැන් වූ ගොවීන් බේරාගැනීමට මෙහෙයුම් ඇතිමලේ විලඔය හා හැඩඔය පිටාර ගැලීමෙන් යාල වනයේ බඩ ඉරිගු හේනක අවතැන්ව සිටින පවුල් හයක ගොවීන් මුදවා ගැනීමට නාවික හමුදාව අද (20) විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය. 20 December 2019
වෙලඔය පාලම යටවී පවුල් 200ක් කන්දකැටියේ කොටුවෙති කන්දකැටිය උල්පතගම ප්‍රධාන මාර්ගයේ, වෙලඔය හරහා පිහිටි මහ පාලම අද (20) මුළුමණින්ම ජලයෙන් යට වීමෙන් ගම්මාන රැසක පවුල් 200ක් පමණ පිරිසක් කන්දකැටිය නගරයට ඒමට නොහැකිව තම ගම්මානයවල කොටු වී සිටිති. 20 December 2019
තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 20 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025