(කුෂාන් ජයවර්ධන)
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද ( 20) උදෑසන සිට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ වනවිට ඉන් කලාඔයට මුදා හැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 14000ක් පමණ වන බව එම කාර්යාලය පවසයි.
මේ වන විටත් ප‍්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග දඹුලූ ඔය ඇතුලූ ජල මූලාශ‍්‍රවලින් තත්පරයට ඝණ අඩි 25000කට ආසන්න ජල ප‍්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වන බවද එම කාර්යාලය පවසයි.
පවතින තත්ත්වය අනුව තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලාඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයේන් පසුවන ලෙස ද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී. කලාවැව වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන හා ගල්නෑව හිරිපිටියාගම යන මාර්ග අවුකන හා හදුන්ගමුව ප‍්‍රදේශවලී ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබේ.

2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 15 බැගින් විවෘත කරයි