ජාඇල ප්‍රසිද්ධ සූදු පොළක් වටලා 8 ක් අත්අඩංගුවට ජාඇල දඩුගම මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය කලු අක්කාගේ සූදු පොළ නමින් ප්‍රසිද්ධ නීති විරෝධි සූදු පොළක් වටලා එහි සිටි පුද්ගලයන් අට දෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 24 December 2019
වෑන් රථයක් යතුරු පැදියක ගැටී අයෙකු මරුට ඉමදූව අම්පාවිල මාර්ගයේ විදේශිකයන් රැගත් වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අද (24) සිදු වූ අනතුරකින් පැදිකරු මියගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි. 24 December 2019
තවත් ප්‍රා. සභා මන්ත්‍රීවරු හිඟුරක්ගොඩ මන්ත්‍රීගේ සහයට එති හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවීන්ද්‍ර ලක්මල් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ විරෝධතාවට සහයෝගය පළකිරීම සඳහා හිඟුරක්ගොඩ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය මන්ත්‍රීවරු අද(24) ප්‍රධාන බස් නැවතුම්පළ වෙත පැමිණියහ. 24 December 2019
විල්මුවාගේ අභය භූමිය විනාශකරන බවට පැමිණිල්ලක් ගාල්ල මාදම්පවිල අභය භුමියේ වටිනා ශාක විනාශකරමින්, පස් දමා ගොඩකර ඉඩම් අල්ලා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව තෙත්බිම් උරුමය සංවිධානය පරිසර වනජීවී සම්පත් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතාට පැමිණිලි කර ඇත. 24 December 2019
හිටපු පා. මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 24 December 2019
බඹරු ඇන කම්කරුවෝ 5ක් රෝහලේ වතු නිවාස පේළියක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු ඇනීමෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (24) ඇතුළත් කර ඇත. 24 December 2019
හැටන් දුම්රියපොලේ දිරාපත් වෙමින් තිබූ යකඩ ගොඩගනී හැටන් දුම්රිය ස්ථානය සතු ඉඩමක දිරාපත් වෙමින් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගලවා ඉවත් කළ යකඩ තොගයක් දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බී රත්නායක මහතාගේ නියෝගයක් අනුව අද (24) ගොඩගෙන මහනුවර දුම්රිය අංගනය වෙත රැගෙන යාමට දුම්රිය බලධාරින් කටයුතු කෙරිණි. 24 December 2019
ග්‍රාමීය සංවර්ධනයට ප්‍රජා මූල කමිටු අනුමැතිය අනිවාර්යයි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය ප්‍රජා මූල කමිටු අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය. 24 December 2019
හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් වහලයට නැග විරෝධතාවක හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකට නැග ඊයේ(23) පස්වරුවේ සිට අද(24) දක්වා විරෝධතාවයක යෙදි සිටී. 24 December 2019
ලුණුගල නායඅවදානමක් නිසා 17 ක් අවතැන් ලුණුගල ගල්උල්ල වැරැල්ලපතන තේ වත්තේ ඩුමා කන්දේ තිබෙන විශාල ගල් පර්වතයක් නාය යෑමේ අවදානමක් හේතුවෙන් කඳු පාමුල තිබෙන නිවාස කිහිපයක ජීවත්වන පවුල් පහක 17 දෙනෙකුට පදිංචි ස්ථානයක් නොමැතිව පාසලක නවාතැන් ගෙන සිටින බව කියයි. 24 December 2019
විදුලි වැටක ගැටී වන අලියකු මරුට පදවිය වනජීවී කලාපයට අයත් ඉඩමක විදුලි වැටක ගැටී විදුලි සැර වැදී වන අලියකු අද(24) මිය ගොස් ඇතැයි වව්නියා වනජීවී අඩවි බාර ආරක්ෂක ඒ. ජේ. ඩී. කේ. තෙන්නකෝන් මහතා කීය. 24 December 2019
සොරකම් කළ දැල් තොගයක් සමඟ අත්අඩංගුවට තංගල්ල මාවැල්ල ධීවර වරායේ තිබී සොරකම් කළ බව කියන රුපියල් හතළිස්දහසක පමණ වටිනා අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 24 December 2019
ත්‍රිරෝද රථයක් පෙරැළී කතක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ දහයෙ කණුව ප්‍රදේශයේදී අද (24) ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් කාන්තාවක මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය කියයි. 24 December 2019
විපතට පත්වූවන් ගැන සොයන්න ජනාධිපති පොළොන්නරුවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාව සහන සැළසීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) සවස අවතැන් වූ පිරිස් තාවකාලිකව ලැගුම්ගෙන සිටින කදුරුවෙල, සුදු නෙලූම්ගම සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පැමිණියේය. 23 December 2019
ඌව පළාත් කෘෂිකර්ම හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරඹේ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද කෘෂිකාර්මික වෙළඳ හා තාක්ෂණික ප්‍රදර්ශනයක් ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සේනානායක පිටියේදී අද (23) ආරම්භ විය. 23 December 2019
ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් රෝහලේ පාදුක්ක වේරගල නිවසකට ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට අද(23) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි. 23 December 2019
නිධන් හෑරූ තිදෙනා රිමාන්ඩ් රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඔලගංගොඩ රක්ෂිතයේ කඳු යායක් මත නිධානයක් හාරමින් සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා මෙම මස 30 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගන වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය. 23 December 2019
‘සපිරි ගමක්‘ ව්‍යාපෘතිය ජනවාරි මුලදී ඇරැඹෙයි ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ඔවුන්ගේම යෝජනා මත ගම සංවර්ධනය කිරීම සඳහා ‘සපිරි ගමක්‘ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 23 December 2019
ගගේවාඩිය ධිවර ගම්මානයට විශේෂ සහන කඳවුරක් කළාඔයේ ජලය පිටාර ගැලිමත් සමඟ ගගේවාඩිය ධිවර ගම්මානය සදහා විශේෂ සහන කදවුරක් අද( 23) දහවල් සිට ආරම්භ කළ බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි. 23 December 2019
අතුරුදන් වූ අඹුසැමි යුවළගෙන් අයෙකුගේ සිරුරක් සොයාගනී බුලත්සිංහල මගුරු ගඟේදී ඔරුව පෙරළී අතුරුදන් වූ අඹුසැමි යුවළගෙන් පිරිමි පුද්ගලයාගේ සිරුර අද(23) සොයාගෙන ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 23 December 2019
කුඹුක්කන්ඔයේ ගිලී කතක් මරුට මොනරාගල කුඹුක්කන් ඔයේ දියනාමින් සිටි නව දරු මවක් අද (23) දියේ ගිලී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 23 December 2019
මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක් ශ්‍රී ලංකාවේ කෘෂි වන වගාව සංවර්ධනය කිරීම සඳහා මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක් පිරිනමා ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී. 23 December 2019
වවුනියාවේ කුඩා වැව් 742ම පිටාර ගලයි මහ වැසි හේතුවෙන් වසර හතරකට පමණ පසුව වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් 742 ම පිටාර ගැලූ බව ගොවි සංවිධාන නියෝජිතවරු පෙන්වා දෙති. 23 December 2019
සේනානායක සමුද්‍රය පිටාර මට්ටමට ඉඟිනියාගල පිහිටි සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අද(23) අඩි 98 ඉක්මවා තිබූ බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. 23 December 2019
මල් පෝච්චියක කංසා පැළ වැවූ අයෙක් අත්අඩංගුවට සිය නිවසේ මල් පෝච්චියක අඩි හතරහමාරක් උස කංසා පැළයක් වැවූ පුද්ගලයකු කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 23 December 2019
රිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු මරුට මොනරාගල බිබිල ප්‍රධාන මාර්ගයේ බුත්සරණපිටිය මංසන්ධියේදී අද (23) යතුරු පැදි දෙකක් ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. 23 December 2019
වැඩි මිලට සහල් විකිණූ 400 කට නඩු වැඩිමිලට නාඩු සහ සම්බා සහල් අලෙවි කළ වෙළෙදුන් 400 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 23 December 2019
සැකකරුවන් 578 ක් අත්අඩංගුවට බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ දුෂණ මර්දන මෙහෙයුමකින් සැකකරුවන් 578 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 December 2019
පස්සර - පිටමාරුව මාර්ගය යථා තත්ත්වයට පස් කන්දක් කඩා වැටීමෙන් මුළුමනින්ම අවහිරව තිබූ පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගය යථා තත්වයට පත්කර ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි . 23 December 2019
ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට රිදීමාලියද්ද පොලිස් වසමට අයත් වියළුව, ඔලගංගොඩ රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙකු අද(23) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය කියයි. 23 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025