(තිස්ස කොටින්කඩුව)
ජාඇල දඩුගම මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය කලු අක්කාගේ සූදු පොළ නමින් ප්‍රසිද්ධ නීති විරෝධි සූදු පොළක් වටලා එහි සිටි පුද්ගලයන් අට දෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර වත්තල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස පැමිණි කාර් රථයක් , ත්‍රී රෝද රථ දෙකක් සහ මුදල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ , දිවුලපිටිය , කුරුණෑගල , ඇඹිලිපිටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් බව පොලිසිය සඳහන් කළේය.
වැටලීමේදී සැකකරුවන් පිරිසක් දඩුගම ඔය හරහා පලා ගිය බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් ජාඇල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd