(තිස්ස කොටින්කඩුව)
ජාඇල දඩුගම මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය කලු අක්කාගේ සූදු පොළ නමින් ප්‍රසිද්ධ නීති විරෝධි සූදු පොළක් වටලා එහි සිටි පුද්ගලයන් අට දෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර වත්තල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස පැමිණි කාර් රථයක් , ත්‍රී රෝද රථ දෙකක් සහ මුදල් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ , දිවුලපිටිය , කුරුණෑගල , ඇඹිලිපිටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් බව පොලිසිය සඳහන් කළේය.
වැටලීමේදී සැකකරුවන් පිරිසක් දඩුගම ඔය හරහා පලා ගිය බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් ජාඇල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාඇල ප්‍රසිද්ධ සූදු පොළක් වටලා 8 ක් අත්අඩංගුවට