IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හැටන් දුම්රියපොලේ දිරාපත් වෙමින් තිබූ යකඩ ගොඩගනී

(රංජිත් රාජපක්ෂ)  

හැටන් දුම්රිය ස්ථානය සතු ඉඩමක දිරාපත් වෙමින් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගලවා ඉවත් කළ යකඩ තොගයක් දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බී රත්නායක මහතාගේ නියෝගයක් අනුව අද (24) ගොඩගෙන මහනුවර දුම්රිය අංගනය වෙත රැගෙන යාමට දුම්රිය බලධාරින් කටයුතු කෙරිණි.

හැටන් දුම්රිය ස්ථානය සතුව තිබු සුදු අධිරාජ්‍යයවාදින් විසින් ඉදිකරන ලද ගබඩා සංකීර්ණයක් මීට වසර 4 කට පමණ ප්‍රථම ගලවා ඉවත් කිරිමේදී එම ගබඩා සංකිර්ණය ඉදිකිරිමට උපයෝගී කරගත් යකඩ තොගයක් මෙලෙස දිරාපත් වීමට ඉඩ සලසා තිබේ.

ටොන් ගණනක් පමණ බර ඇති මෙම යකඩ තොගය දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් ටෙන්ඩර්පත් කැඳවා අලෙවි කර තිබුණේ නම් දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාව  තිබු බව හැටන් දුම්රිය ස්ථානයේ සේවකයෝ පවසති.

හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරික්ෂණ චාරිකාවක පසුගිය දා එක් වූ දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා විනාශ වෙමින් තිබූ යකඩ තොගය පිළිබඳ අවධානය යොමු කර වහාම එම යකඩ තොගය හැටන් දුම්රිය ස්ථානයෙන් ඉවත් කරන්නැයි කළ නියෝගයක් මත දුම්රිය බලධාරින් විසින් ඒවා ඉවත් කර ඇත.

බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙලෙස දිරාපත් වෙමින් තිබූ යකඩ තොගය ගොඩගෙන දුම්රිය වැගනයකට පටවා රැගෙන යාමට සුදානම්  කර තිබේ.

දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව මෙසේ ගලවා ඉවත් කළ තවදුරටත් නඩත්තු කටයුත්තක් සදහා භාවිතා කිරිමට හැකියාව ඇති සහ විකුණා දුම්රිය දෙපාර්තුමේන්තුවට ආදායමක් ලබා ගැනීමට හැකි යකඩ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ගණනාවක දිරාපත් පවතින බව දුම්රිය සේවකයෝ පවසති.



අදහස් (1)

හැටන් දුම්රියපොලේ දිරාපත් වෙමින් තිබූ යකඩ ගොඩගනී

sarath Tuesday, 24 December 2019 09:54 AM

හැටන් දුම්රියපොලේ දිරාපත්වෙමින් තිබු යකඩ ගොඩ අපේ නව ඇමතිතුමාට පුළුවන් වුනා නුවරට ගෙන්න. අපි සුබ පතනවා 2025 දී එන ඇමතිතුමාට නුවර දිරාපත්වෙමින් තිබු යකඩ ගොඩ කොළඹට ගෙන්න හැකිවේවා කියලා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site