(ඩී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දහයෙ කණුව ප‍්‍රදේශයේදී අද (24) ත‍්‍රිරෝද රථයක් පෙරළීමෙන් කාන්තාවක මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
තුවාල ලැබූවන් මොනරාගල මූලික රෝහලට සහ බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ, ඇල්ල කුඹල්වෙල ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.චන්ද්‍රාකුමාරි නැමති 49 හැවිරිදි කාන්තාවකි.
මෙම පිරිස වැල්ලවාය ප‍්‍රදේශයේ සිට කුඹල්වෙල දක්වා පැමිණෙමින් සිටියදී ත‍්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළීගොස් පාලමක ගැටීම නිසා මෙම අනතුර වී ඇතැයි පොලීසිය කියයි.
පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd