( රංජන් කස්තුරි )
ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ඔවුන්ගේම යෝජනා මත ගම සංවර්ධනය කිරීම සඳහා ‘සපිරි ගමක්‘ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,021 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර එක් වසමකට රුපියල් ලක්ෂ 20 ක් බැගින් වෙන් කෙරෙන බව මුදල් ආර්තික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.
ලබන ජනවාරි 01 වැනිදා සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 28,042 ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යංශය කියයි.
සපිරි ගමක් ව්‍යාපෘතිය තෝරා ගැනීමේදී ග්‍රාමීය මාර්ග,බෝක්කු,කුඩා පාලම් සහ පැති කානු ඉදිකිරීම යන යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බවද එම ආයතනය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘සපිරි ගමක්‘ ව්‍යාපෘතිය ජනවාරි මුලදී ඇරැඹෙයි