IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගගේවාඩිය ධිවර ගම්මානයට විශේෂ සහන කඳවුරක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කළාඔයේ ජලය පිටාර ගැලිමත් සමඟ  ගගේවාඩිය ධිවර ගම්මානය සදහා  විශේෂ සහන කදවුරක් අද( 23) දහවල් සිට ආරම්භ කළ  බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
 
රජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හා අනිකුත් ප්‍රදේශ වලින් ගලා එන ජලය කළාඔයේ ජල මට්ටම සිග්‍ර ලෙස ඉහළ  ගොස් තිබු ආපදා කලමණාකරන ඒකකය පවසයි .
 
 මේ හේතුව නිසා කළාඔය පුත්තලම  කලපුවට වැටෙන අවසන් ස්ථානයේ පිහිටි ගගේ වාඩිය ධිවර ගම්මානයේ කොටසක් සම්පුර් ණයෙන් ජලයෙන් යටවි ඇති බව වානතවිල්ලුව ප්‍රදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පවසයි.
 
 ගගේවාඩිය ජනතාව පවසා සිටියේ දින 15 කට වැඩි කාලයක සිට තම ගම්මානයේ ධිවර පවුල් 40 කට ආසන්න පිරිසක් ධිවර රැකියාව අහිමි විම නිසා දැඩි අසිරුතාවයකට පත්වි ඇති බවය .  මෙවර නත්තල පවා සැමරිමට තමන්ට අහිමි වි ඇති බව ඔවුහු කියති.
 
සුන්දර කඩොලාන පරිසරයකින් පිරී ගගේවාඩිය ධිවර ගම්මානය සංචාරකයින්ගේ නෙත් වශි කල ස්ථානයක් උවද මේ වන විට මේ ගම්මානයේ ජනතාව පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වි ඇති බව කියයි.       
 
පවතින තත්ත්වය සොයා බැලිම සදහා අද (23) ගගේවාඩිය ධිවර ගම්මානයට පුත්තලම ආපදා කලමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජීත්  අලහකෝන් මහතා සමග වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් චතුරක ජයසිංහ , පුත්තලම ප්‍රාදේශීය වාරි මාර් ග අධ්‍යක්ෂ දිලිප හෙට්ටිආරච්චි , ගගේවාඩිය නාවික කදවුරේ අණදෙන නිළධාරි වාරයා ඇතුළු නිළධාරින් ගගේවාඩිය ධිවර ගම්මානයට පැමිණ  තිබුණි. .
කෙසේ නමුත් ගගේවාඩිය ධිවර ගම්මානයේ ජනතාව සදහා කඩිනමින් තාවකාලික සහන කදවුරක් ගම්මානයේ දේවස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් ආපදා සහන සේවා  නිළධාරින් යොදවමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ..
 



අදහස් (0)

ගගේවාඩිය ධිවර ගම්මානයට විශේෂ සහන කඳවුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site