(බිඟුන් මේනක ගමගේ)
ගාල්ල මාදම්පවිල අභය භුමියේ වටිනා ශාක විනාශකරමින්, පස් දමා ගොඩකර ඉඩම් අල්ලා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව තෙත්බිම් උරුමය සංවිධානය පරිසර වනජීවී සම්පත් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම් චන්ද්‍රසේන මහතාට පැමිණිලි කර ඇත.
මෙම අභය භූමිය ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන විල්මුවා නැවතත් ලංකාවේ සිටින බව තහවුරු වූ තෙත්බිමකි.
ජනාධිපතිවරණයෙන් ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායම්වල අනුග්‍රහයෙන් මෙම විනාශය වන්නේ යැයි ද එමනිසා ඊට කඩිනම් මැදිහත්වීමක් කරන්නැයි ද ඉල්ලා සිටියේ යැයි එම සංවිධානයේ ලේකම් කැලුම් තුෂාර මහතා කීය.
පක්ෂි විශේෂ 130ක් වාර්තා වන මෙම තෙත්බිම දකුණු ආසියානු පක්ෂි නිරීක්ෂණ වාර්තාව සැකැසීමේදි සංගණන භූමියක් හැටියට යොදාගෙන ඇතැයි ද තුෂාර මහතා කීය.
පරිසර විනාශයට සාපේක්ෂව වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය මන්දගාමී යැයි ද තෙත්බිම සතු සංවේදී කොටසක අක්කර 20ක් දැනටමත් අම්බලන්ගොඩ නගර සභා කුණුකසළ යොදා ගොඩකරමින් පවතින්නේ යැයි ද ඒ මහතා පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විල්මුවාගේ අභය භූමිය විනාශකරන බවට පැමිණිල්ලක්