( නිශාන්ත කුමාර )
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඔලගංගොඩ රක්ෂිතයේ කඳු යායක් මත නිධානයක් හාරමින් සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා මෙම මස 30 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගන වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය.
රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 28 සහ 36 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම පුද්ගලයින් තිදෙනා අද (30) අලුයම් කාලයේ පැවැති මහ වැසි පවා නොතකමින් රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඔලගංගොඩ පුරාණ විහාරස්ථානයට නුදුරින් පිහිටි රක්ෂියේ ගල් තලාවක් මත තිබූ තලගොයි සලකුණක් කඩා දමා එහි නිධානයක් හාරමින් සිටියදී පොලීසිය වෙත ලද ඔත්තුවක් මත එහි ගිය පොලිස් නිළධාරීහු පිරිසක් ඔවුන් සතුව තිබූ ඇප නූල් , පූජාවට්ටි, මල් බුලත්තට්ටු සහ ගල් ඉනි (අලවංගු) ඇතුළු ආයුධ තොගයක් ද සමඟ අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණ වීමට කටයුතු කර තිබිණි.
එහිදී පොලීසිය ඉදිරිපත්කල කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා මෙම මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය. රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස් පරිදි රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නිධන් හෑරූ තිදෙනා රිමාන්ඩ්