(ඩී.කේ.රත්න)
මොනරාගල බිබිල ප‍්‍රධාන මාර්ගයේ බුත්සරණපිටිය මංසන්ධියේදී අද (23) යතුරු පැදි දෙකක් ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ, මොනරාගල පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින, මොනරාගල බිබිල මාර්ගයේම පදිංචි ඩී. එම්. විජේරත්න නැමැති 38 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
පොලිස් නිලධාරිවරයා සිය නිවසේ සිට මොනරාගල පොලීසියට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
ඔහුගේ මෘත දේහය මේ වන විට මොනරාගල සිරිගල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
මොනරාගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු මරුට