(ඩී.කේ.රත්න)
මොනරාගල බිබිල ප‍්‍රධාන මාර්ගයේ බුත්සරණපිටිය මංසන්ධියේදී අද (23) යතුරු පැදි දෙකක් ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ, මොනරාගල පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින, මොනරාගල බිබිල මාර්ගයේම පදිංචි ඩී. එම්. විජේරත්න නැමැති 38 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
පොලිස් නිලධාරිවරයා සිය නිවසේ සිට මොනරාගල පොලීසියට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
ඔහුගේ මෘත දේහය මේ වන විට මොනරාගල සිරිගල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
මොනරාගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd