(රංජිත් රාජපක්ෂ )
වතු නිවාස පේළියක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු ඇනීමෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (24) ඇතුළත් කර ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක වහළය මත බැඳ තිබූ බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි වතු නිවාස පේළියේ එලිමහනේ සිටි කාන්තාවන් තිදෙනෙකුට , පාසල් සිසුවෙකුට සහ වතු කම්කරුවෙකුට ඇන ඇති බව එම වතු යායේ පාලන අධිකාරිය පැවසීය.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd