(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල මගුරු ගඟේදී ඔරුව පෙරළී අතුරුදන් වූ අඹුසැමි යුවළගෙන් පිරිමි පුද්ගලයාගේ සිරුර අද(23) සොයාගෙන ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුරලිය, මෝල්කාව පදිංචිව සිටි එම්. ඩී. ලයනල් (20)නමැත්තෙකි.
එම පුද්ගලයා තම බිරිඳ සහ තවත් පුද්ගලයන් හත්දෙනෙකු සමඟ බුලත්සිංහල සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවසට පැමිණීමේදී, මෙම අනතුර සිදුව ඇත.
බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd