(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල ගල්උල්ල වැරැල්ලපතන තේ වත්තේ ඩුමා කන්දේ තිබෙන විශාල ගල් පර්වතයක් නාය යෑමේ අවදානමක් හේතුවෙන් කඳු පාමුල තිබෙන නිවාස කිහිපයක ජීවත්වන පවුල් පහක 17 දෙනෙකුට පදිංචි ස්ථානයක් නොමැතිව පාසලක නවාතැන් ගෙන සිටින බව කියයි.
පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ කන්දේ තිබු විශාල ගල් පර්වතයක් නාය යෑමේ අවදානමකට ලක්ව තිබීමෙන් වතු නිවාසවල පදිංචිව සිටි පවුල් පහක නිවසියන් ගල්උල්ල දෙමල විදුහලේ ආරම්භ කළ කදවුරක පදිංචි කරවා තිබෙන බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ජනවාරි පාසල් වාරය ආරම්භ කිරිම පෙර කදවුර ඉවක්කිරීමට සිදු වුණත් අවතැන් පිරිසට යාමට තැනක් නොමැතිව අසරණ වී සිටිති.
ගල් පර්වතය නාය යෑමට ලක්වුවහොත් වතු නිවාස සියල්ලම විනාශ වීමේ අවදානමක් ද තිබෙන බව අවතැන්වුවෝ පවසති.
ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.
‘වැරැල්ලපතන වත්තේ විශාල ගලක් නාය යෑමේ අවදානමක තිබෙනවා. දැනට පවුල් පහක නිවසියන් ගල්උල්ල දෙමල විදුහලේ නවතා තිබෙනවා.
ගල කඩලා ඉවත් කරන්න කියලා ආපදා කළමනාකරණ ආයතනයට හා භු විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන කිහිපයක් දැනුවත් කරලා තියෙනවා.
එම ආයතවල අවසරය ලැබුණු පසු ගල වෙඩි දමා කඩා ඉවත් කර අවතැන් පවුල් පදිංචි කරනවා’

2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලුණුගල නායඅවදානමක් නිසා 17 ක් අවතැන්