රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් ජනවාරි මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය. 30 December 2019
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට වැලිමඩ බෝගහකුඹුර නැදුන්ගමුව ගොන්බැදි වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (30) දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලිසිය පැවසීය. 30 December 2019
අලින් දෙදෙනෙකුගේ මියයාම වසන් කළ අයෙක් අත්අඩංගුවට හොරොව්පොතාන වස්සල්ලාගම ප්‍රදේශයේ ගෙවත්තක ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගිය වල් අලින් දෙදෙනෙකු ට්රැක්ටරයකින් කැලෑවකට ගෙන ගොස් දමා සිද්ධිය වසන් කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (30) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පැවසීය. 30 December 2019
බදුලු ඔයේ ගිලී පාසල් සිසුවියන් දෙදෙනෙකු මරුට හාලිඇල බදුලු ඔයේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙකු අද(30) සවස දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 30 December 2019
ලක්ෂ 30ක දේපල සමඟ වරෙන්තුකරුවකු අත්අඩංගුවට අධිකරණ දෙකකින් වරෙන්තු නවයක් ලද පුද්ගලයකු, අද(30) කළුතර දකුණ කෝලාන හන්දියේදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි. 30 December 2019
සූරියගොඩ කන්දෙන් මළ සිරුරක් සොයාගනී ලුණුගල සුරියගොඩ කන්දේ තිබී වෙඩි වැදී මියගිය බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් අද(30) සොයාගත් බව පොලීසිය කියයි. 30 December 2019
දිඹුලාගල රක්ෂිතයක අලියකුගේ සිරුරක් දිඹුලාගල බිම්පොකුණ වෙල්යායට නුදුරින් කුඩා රක්ෂිතයක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද(30) හමු වූ බව ගොවීහු පවසති. 30 December 2019
අනවසරෙන් ඉදිකරමින් තිබූ වෙළඳසැල් 7ක් පොලිස් අණින් නවතී බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වත්තේ කොටසක් අනසරෙන් අත්පත්කර ගනිමින් ඉදිකර තිබු වෙළඳසැල් 7ක වැඩ කටයුතු නතර කිරීමට බගවන්තලාව පොලිසිය කටයුතු කර ඇත. 30 December 2019
රිදීමාලියද්ද රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ රක්ෂිතයක කුඹුක් දැව කපමින් සිටි පුද්ගලයෙකු අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 30 December 2019
නිධන් හෑරූ 7 ක් අත්අඩංගුවට බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේන මුචලින්දාරාම විහාරස්ථාන භුමියේ නිධන් හැරූ හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 30 December 2019
උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අද (30) මීගහකිවුල කරදගහමඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 30 December 2019
ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 30 December 2019
ලැප්ටෝප්-දුරකථන සොරා ගත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ස්මාට් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 30 December 2019
ටී.එන්.ඒ සාකච්ඡාවක් තීරණයකින් තොරව අවසන් ඉදිරි මහ මැතිවරණයේ දී ආසන බෙදා වෙන්කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ හවුල්කාර පක්ෂ අතර යාපනයේ දී පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබේ. 29 December 2019
කිලෝ 16 ක් බර තාරකා ඉබ්බෙක් කරුවලගස්වැව කුඹුරු යායක කරුවලගස්වැව නෙළුම්ගම කුඹුරු යායක සිටි විශාල තාරුකා ඉබ්බේකු අල්ලා වනජීවියට බාර දීමට ගොවින් පිරිසක් අද ( 29 ) සමත් විය 29 December 2019
කොස්ලන්ද දියගල කන්දේ නාය සක්‍රීය වීමක් කොස්ලන්ද දියගල කන්දේ නාය යාමක් සක්‍රීය වී මඩ සහිත පස් මිශ්‍ර වීමෙන් කොස්ලන්ද ඔයේ ජලය බොර වීමෙන් පවුල් දහසකට අධික පිරිසකට ජලය ලබා දීමේ ගැටලුවක් මතුවී ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය. 29 December 2019
රිය අනතුරක් අයෙක් මරුට ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) වූ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 29 December 2019
කතරගම ගම්මාන රැසකට පානීය ජල සැපයීම නවතියි කතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙනබව ප්‍රදේශවාසීහු පවසති. 29 December 2019
කුරුවිට බන්ධනාගාරයට ගෙනා කෑම පාර්සලයක මත්කුඩු පැකට් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු සම්බන්ධ නඩුවක සැකකරුවෙක් බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු ගෙනා කෑම පාර්සලක් පරීක්ෂා කිරීමේදී සෝයාමීට් ව්‍යාංජනයක සඟවා තිබු මත්කුඩු පැකට් 4 සොයා ගැනීමට හැකි බව බන්ධනාගාර නිලධාරීහු කියති. 29 December 2019
නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් අඹතැන්න කුඩුගල ප්‍රදේශයේ නාන තොටක් අසළ ඇති ළිඳක වැටී මිය ගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් අද (29) සොයා ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 29 December 2019
දැරිය අපයෝජනය කළ පියාගේ හොඳම මිතුරා අත්අඩංගුවට නව හැවිරිදි බාල වයස්කාර දැරියක් අවස්ථා කිහිපයකදිම අප යෝජනය කළ බව කියන දැරියගේ පියාගේ හොදම මිතුරා අද (29)දින නැගම්පහ ප්‍රදේශයේ නිවසකදි අත් අඩංගුවට ගත්බව ගල්නැව පොලිසිය කියයි. 29 December 2019
උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර ප්රදානය කිරීම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අනුරාධපුර ග්‍රෑන්ඩ් ලෙෂර් හෝටලයේදී සිදු කෙරිණි. 28 December 2019
පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා හාලිඇල නගරයේ මෙහෙයුමක් එළඹෙන නව වසර ඉලක්ක කරගෙන මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙන්ඳන් සොයා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (28) හාලිඇල නගරයේ හදිසි මෙහෙයුමක් සිදුකළහ. 28 December 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ 7ක් නාවික හමුදා භාරයට නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අද (28) අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 7දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත. 28 December 2019
දුම්රියේ ගැටී අයෙකු මරුට ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මගේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගැටීමෙන් අද (28) 57 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි. 28 December 2019
ශ්‍රී කාශ්‍යප දළදා පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමට ඩිල්ෂාන් බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරයේ ශ්‍රී කාශ්‍යප දළදා පූජෝපහාර මහා පෙරහරෙහි මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීම හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ සුරතින් සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකුගේද සහභාගිත්වයෙන් ඊයේ (27) රාත්‍රියේ යෙදී තිබූ නැකතින් සිදුකරන ලදී. 28 December 2019
ලී කඳක් වැදී සේවකයෙකු මිය යයි පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේගම වෙලේකඩේ ප්‍රදේශයේ ලී මෝලක සේවය කරමින් සිටි සේවකයෙකු එම ලීමෝලට ගෙනා ලී කඳක් වැදීමෙන් මිය ගොස් තිබේ. 28 December 2019
බදුල්ල මහ විදුහලේ 350 කට සරසවි වරම් අ.පො.ස උසස් පෙළ විභාගයෙන් බදුල්ල මහ විදුහලේ සිසු සිසුවියන් 350ක් පමණ විශ්වවිද්‍යාල වරම් ලබාතිබෙන බව විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය. 28 December 2019
ගිනිඅවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට මෙරට සාදන ලද ගිනිඅවියක් සහ බොර් 12 හිස්පතරොම් කොපුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අද(29) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 28 December 2019
උතුරු මැද පළාතේ වෙළෙන්දන්ට සහල් මෝල් හිමියන්ගෙන් කොන්දේසියක් නාඩු සහල් ඇණවුම් කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් කීරි සම්බා ඇණවුම් කළහොත් පමණක් සිල්ලර වෙළෙන්දන්ට නාඩු සහල් සපයන බවට සහල් මෝල් හිමියන් කොන්දේසියක් දමා ඇතැයි උතුරු මැද පළාතේ සිල්ලර වෙළෙන්දෝ කියති. 27 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025