(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරයේ ශ්‍රී කාශ්‍යප දළදා පූජෝපහාර මහා පෙරහරෙහි මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීම හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ සුරතින් සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකුගේද සහභාගිත්වයෙන් ඊයේ (27) රාත්‍රියේ යෙදී තිබූ නැකතින් සිදුකරන ලදී.
අනතුරුව පෙරහැර බෙන්තොට රජ මාවත ඔස්සේ වීථි සංචාරය කළ අතර අද (28) අලුයම 5ට පමණ නැවත විහාර මළුව වෙත ගමන් කිරීමෙන් පෙරහැර අවසන් විය.
ගලපාත රජමහා විහාරයේ ඉපැරණි දාගැබෙහි තැන්පත් කර තිබෙන ශ්‍රී අනුබුදු කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර පිණිස කාශ්‍යප දළදා පූජෝපහාර සමිතිය වාර්ෂිකව මෙම පෙරහැර මහත් හරසරින් සංවිධානය කරයි. අලි ඇතුන් මෙන්ම උඩරට, පහත රට, සබරගමු නර්තන ඇතුළු ජාතික සංස්කෘතිකාංග රැසකින් සමන්විත මෙම පෙරහැර දැකබලා ගැනීමට විදෙස් සංචාරකයින් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ සාදූ! පාර්ලිමේන්තු යන්න ලෑස්තියි වගේ. සුදුසුකම් තියෙනවා ඔක්කොම.