IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ලක්ෂ 30ක දේපල සමඟ වරෙන්තුකරුවකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයකොඩි සහ සමන් කාරියවසම්)
 
අධිකරණ දෙකකින් වරෙන්තු නවයක් ලද පුද්ගලයකු,  අද(30) කළුතර දකුණ කෝලාන හන්දියේදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.

කළුතර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 30කට අධික දේපල සොරාගැනීමක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු කළුතර දකුණ පදිංචි 23 හැවිරිදි අයෙකි.
 
එම පුද්ගලයා සොරාගත් යතුරු පැදියක්, විදුලි උපකරණ, අත් ඔරලෝසු,  රන් භාණ්ඩ, මංගල සාරි, ඉමිටේෂන් ආභරණ පොලිසිය බාරයට ගෙන ඇත.
 
කළුතර නිවාස 8ක් සහ පානදුර නිවසකට ඇතුළු වී දේපළ සොරාගැනීම සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන, අධිකරණ ඇප මත සිටි සැකකරු ඒ සඳහා පැවති නඩු වෙනුවෙන් කළුතර හා පානදුර අධිකරණවල පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
සැකකරු කළුතර කෝලාන හන්දියේ සැරිසරන බවට කළුතර දිසා අපරාධ ඒකකය ලද තොරතුරත් අනුව අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ සැකකරු සතුව ඉස්කුරුප්පු නියනක් හා රුපියල් 25,000ක වටිනා චෙක්පත් දෙකක් තිබී ඇතැයි පොලිසිය කියයි.
 
සොරාගත් යතුරුපැදිය කළුතර හා සෙල්ල කතරගම පදිංචි දෙදෙනෙකුගේ මාර්ගයෙන් වැලිමඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. සොරාගත් අනෙකුත් දේපළ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන ඇත.
 



අදහස් (0)

ලක්ෂ 30ක දේපල සමඟ වරෙන්තුකරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site