(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වත්තේ කොටසක් අනසරෙන් අත්පත්කර ගනිමින් ඉදිකර තිබු වෙළඳසැල් 7ක වැඩ කටයුතු නතර කිරීමට බගවන්තලාව පොලිසිය කටයුතු කර ඇත.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් නගරයේ පිහිටි නොර්වුඩ් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය අසළ
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සලකුණු කර ඇති මායිම්වලට අසුවන නිසා ව්‍යාපාරිකයන් පිරිසක් ඔවුන්ගේ වෙළඳසැල් පසුපසට ගෙන ඉදි කිරීම සඳහා, ටින්සින් තේ වත්තේ කොටසක් අනවසරෙන් අත්පත් කරගෙන එහි ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි වතු පාලන අධිකාරිය බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.
අදාල ව්‍යාපාරිකයන් තේ වත්තේ මායිමෙන් කොටසක් කපා එම ඉඩමේ තිබූ විශාල ගල්ද කඩා ඉවත් කර ඇති බව වතු පාලන අධිකාරිය බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල මත බගවන්තලාව පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණයක්ද ආරම්භ කර ඇත.
ව්‍යාපාරිකයන් වෙළඳසැල්වල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බව ප්‍රාදේශීය සභාව මගින්ද පොලිසිය වෙත දැනුම් දී ඇත.




2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනවසරෙන් ඉදිකරමින් තිබූ වෙළඳසැල් 7ක් පොලිස් අණින් නවතී