(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් අද (29) වූ අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බෝගහඅක්කරය කලාකරඹෑව ඉපලෝගම පදිංචිව සිටි මහන්තමුල්ලගමගේ සෝමපාල නමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරු පැදියේ ගමන්ගත් එම පුද්ගලයා අනතුරින් පසු කැකිරාව දිසා රෝහල වෙත ඇතුළත් කළද, ඔහු මිය ගොස් සිටි බව පොලිසිය කියයි. මිය ගිය අයගේ සිරුර මේ වනවිට කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර තිබේ.
අනතුරට සම්බන්ධ බස් රථය හා එහි රියදුරු ඉපලෝගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බස් රථ රියදුරු හෙට (30) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රිය අනතුරක් අයෙක් මරුට