(එම්. කේ. නන්දසේන)
කතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙනබව ප්‍රදේශවාසීහු පවසති.
දෙටගමුව, දෙවනපෙල, රජමාවත, ගලහිටිය, බෝගහපෑලැස්ස,ජුල්පල්ලම සාමිගුලිය, රණ්මිනිතැන්න ඇතුළු ගම්මාන එසේ ජලය නොලැබෙන ගම්මාන වේ.
මෙම ගම්මාන වෙත පානීය නල ජලය සපයනු ලබන්නේ කතරගම ජල සම්පාදන මණ්ඩලය විසිනි.
කතරගම නගර සීමාවට අඛණ්ඩව දිවා රාත්‍රියේ ජලය සැපයෙන බැවින් වන්දනා බැතිමතුන්ට ගැටළුවක් නැති වුවද, ගම්මාන රැසකට ජලය ලැබෙන්නේ මන්දගාමීව බව ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
මැණික් ගඟ කතරගම නගරය මධ්‍යයෙන් ගලා බැස්සද මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් කතරගම ඇතුළු අවට ප්‍රදේශ වෙත ජලය සැපයීමට ප්‍රමාණවත් ජල සැපයුම් පද්ධතියක් සකස්කරදීමට අපොහොසත් වී ඇතැයිද ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් කතරගම ජලසම්පාදන මණ්ඩලයෙන් විමසීමේදී එහි නිලධාරියෙකු කියා සිටියේද 87 වසරේ ගම්උදාව නිමිත්තෙන් ඉදිකෙරුණු ජලසම්පාදන ක්‍රමය මේ දක්වා පුළුල් නොවීම හේතුවෙන් මෙම ගැටළු මතුවී තිබෙන බවයි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කතරගම ගම්මාන රැසකට පානීය ජල සැපයීම නවතියි