(ප්‍රසන්න පත්මසිරි)
හාලිඇල බදුලු ඔයේ දිය නෑමට ගිය සිසුවියන් දෙදෙනෙකු අද(30) සවස දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
හාලිඇල නුගසෙවනගම පදිංචි ආර්.එම් දිලිනි රත්නායක (15) සහ සුරේකා සංජීවනී (15) යන දෙදෙනා
දියේ ගිලී මියගොස් තිබේ.
මියගිය දෙදෙනා සමග තවත් සිසුවියක් හාලිඇල නගරය අසලින් ගලායන බදුලු ඔයට ගොස් දිය නාමින් සිටියදී ජලයේ සැඩ පහරකට ගසාගෙන ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
දිය නාමින් සිටි සිසුවියන් තිදෙනාම ජලයේ ගසාගෙන ගියත් එක් සිසුවියක් බේරී ඇති බවද පොලීසිය කියයි.
ජලයේ අතුරුදන් වී සිටි සිසුවියන් තිදෙනා ජලයේ ගිලී සිටියදී පැය බාගයකට පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන බදුල්ල මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව පෙලීසිය කියයි. හාලිඇල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - විජේරත්න රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd