IMG-LOGO

උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අනුරාධපුර ග්‍රෑන්ඩ් ලෙෂර් හෝටලයේදී සිදු කෙරිණි.

මෙම වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17ක් හා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  145දෙනෙකු මෙහිදී උපහාර ලැබීය.

පසුගිය වසරේ පැවැති 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී 06 වන ස්ථානය උතුරු මැද පළාතට හිමිවූ අතර එහිදී  රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 25ක් සහ ලෝකඩ පදක්කම් 40ක් උතුරු මැද පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ.

"ජාතික කෙළි බිමට රන් අරුණැල්ලක්" නමින් වර්ණ ප්‍රදාන උළෙල නම් කර තිබුණි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ඒච්.ඒම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.ඒන්. වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඒ.කේ.කේ.එම්.ආර්.ඩබ්. කුමාරගම, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ සුමිත් විමලසිංහ යන මහත්වරු සහභාගි වී සිටියහ.



අදහස් (0)

උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 268 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 139 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1776 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site