පිහියකින් ඇන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ඝාතනය කරලා කොට්ටාව මාලඹේ පාර කොන්ත්‍රාත් සමාගම රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂකයකු පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 01 January 2020
පුතු සමඟ යතුරුපැදියේ ගිය මව අනතුරකින් මරුට මොරන්තුඩුව, ඉපිලිස්ස පාලම අසළදී පුතු සමග යතුරුපැදියෙන් ගමන් ගත් මවක අද(01) ටිපර් රථයකට යටවී මිය ගිය බව මොරන්තුඩුව පොලිසිය කියයි. 01 January 2020
අපරීක්ෂාකාරීව බස් රථ පැදවූ රියදුරන් දෙදෙනෙකු රිමාන්ඩ් බිමත්ව අපරික්ෂාකාරි ලෙස රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්ධයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලික බස් රථ රියදුරන් දෙදෙනෙකු 7 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (01)නියෝග කළාය. 01 January 2020
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට මාතලේ නාගොල්ල ප්‍රදේශයේදී නවතා තිබු ලොරියක යතුරු පැදියක් ගැටි එහි ගමන්ගත් 28 හැවිරිදි තරුණයෙකු අද (01) මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි. 01 January 2020
උතුරේ මුස්ලිම් වැසියෝ පුත්තලම රෝහලට උපකරණ පරිත්‍යාග කරති උතුරේ මුස්ලිම් ජනතා එකමුතුව පුත්තලම මුලික රෝහලේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ. 01 January 2020
‘තබුවා’ ආරක්ෂිත මත්ස්‍යා මැරූ අයෙක් අත්අඩංගුවට ‘තබුවා‘ නම් අධි ආරක්ෂිත මත්ස්‍යකු මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්,කල්පිටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය ට අද (01) දින භාර දී ඇත. 01 January 2020
අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන අලුත්තරම ඔයේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩ දැමු පුද්ගලයෙකු ගොඩ දමන ලද වැලි සහ වැලි ගොඩ දැමීමට භාවිතා කර කරන ලද උපකරණ කීපයක්ද සමඟ අද (01) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 01 January 2020
මින්නේරියේ නිවසකින් පියකුගේ - දියණියකගේ සිරුරු හමුවෙයි මින්නේරිය පොලිස් වසමේ ජයන්තිපුර, පහේඇළ හේන්කොළයාය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගලයකුගේ සහ ඔහුගේ දියණියගේ සිරුරු අද(01) සොයාගත් බව මින්නේරිය පොලිසිය කියයි. 01 January 2020
දුනුවිල වැව රක්ෂිතයේ පැළ රෝපණය කෙරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ‘හැදෙන රටට වැඩෙන ගසක්’ වැඩසටහනට අනුව, දුනුවිල වැව රක්ෂිතයේදී අද(01) පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. 01 January 2020
විදුලි වැටක ගැටී මිය ගිය අලියකුගේ සිරුරක් ගොවිපොළක වැලිකන්ද සිංහපුර මාර්ගයේ පිහිටි පෞද්ගලික ගොවිපළකට අයත් විදුලි වැටක දැවටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද (01) අලූයම හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි. 01 January 2020
ඒටීඑම් කාඩ්පතකින් මුදල් සොරාගත් අයෙකු අත්අඩංගුවට පෙම්වතියගේ අක්කාගේ ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් විටින් විට සොරා ගත් පුද්ගලයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පැවසීය. 31 December 2019
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට මහඔය අරන්තලාව වැලිගහකණ්ඩිය වැවෙහි මාලු ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකු අද (31) වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බව මහඔය පොලිසිය කියයි. 31 December 2019
නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් 8 දෙනා රිමාන්ඩ් ඌවපරණගම අඹගස්දෝව ඉහළ බුස්දුල්ල ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අටදෙනා ජනවාරි 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද(31) නියෝග කළාය. 31 December 2019
රිය අනතුරකින් ජපන් ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු 5කට තුවාල මින්නේරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් වූ අනතුරකින් ජපන් ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා අද(31) රෝහල් ගත කළ බව මින්නේරිය පොලිසිය කියයි. 31 December 2019
දුම්රියේ යන මගීන්ට සහන මිලට වියළි ආහාර මල්ලක් දුම්රිය මගීන් සඳහා සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවළු මල්ලක් සහන මිලකට අනිද්දා (2) සිට ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 31 December 2019
නයාරූ මුහුදේ ගිලුණු පුතාගේ සිරුර හමුවෙයි මුලතිව් නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පියා පුතු දෙදෙනාගෙන් පුතාගේ මළ සිරුරු අද (31) නයාරු මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි. 31 December 2019
අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට වසර දෙකකට අධික කාලයක් අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අද(31) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 31 December 2019
හබරාදූවේ ඉඩමකින් අත්බෝම්බයක් හමුවෙයි හබරාදුව පොලිස් වසමේ පනාගමුව ප්‍රදේශයේ ඉඩමක් එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයකුට එහි තිබී අත් බෝම්බයක් අද(31) හමුවී ඇතැයි පොලිසිය කියයි. 31 December 2019
අධිකරණ නියෝගයක් වසර 3කට පසු ක්‍රියාත්මක කරලා උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ හිටපු කළමනාකාරිත්වය ක්‍රියාත්මක නොකළ අධිකරණ නියෝගයක් එහි නව සභාපති සහ නව කළමනාකාර අධ්යක්ෂවරයා ප්‍රමඛ අධ්යක්ෂ මණ්ඩලය වසර තුනකට පසු ක්‍රියාත්මක කර ඇත. 31 December 2019
නාවලපිටිය රක්ෂිතයකින් සිරුරක් හමුවෙයි නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ රක්ෂිතයක තිබී නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31) සොයා ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි. 31 December 2019
කපා කොටා ඝාතනය කළ සිරුරක් කිලිනොච්චියෙන් හමුවෙයි කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැව් බැම්මක් පාමුල තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 31 December 2019
විහාරස්ථාන භූමියක නිධන් හෑරූ 7දෙනෙකු රිමාන්ඩ් බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේකර මුචලින්දාරාම විහාරස්ථාන භූමියේ නිධන් හෑරූ බවට චෝදනා ලැබූ පුද්ගලයන් හත්දෙනෙකු ජනවාරි 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(31) නියෝග කළේය. 31 December 2019
කාන්තාවක අපයෝජනය කළ සෙබළෙකු අත්අඩංගුවට බකමූණ පොලිස් වසමේ පදිංචි එක් දරු මවක අපයෝජනය කළ හමුදා සෙබළෙකු අද(31) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි. 31 December 2019
අනවසරෙන් මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි. 31 December 2019
අලියකුගේ සිරුරක් දුටුවැව පෙදෙසින් සොයා ගනී කැබිතිගොල්ලෑව , දුටුවැව ප්‍රදේශයේ තිබී මියගිය වල් අලියකුගේ මළසිරුරක් අද (31) සොයා ගෙන තිබේ. 31 December 2019
සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට සිය සැමියා කපා කොටා ඝාතනය කර මහමඟ ගමන් ගනිමින් සිටි කාන්තාවක් දොඹවෙලගම දී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. 31 December 2019
අලියකු පහර දී අයෙක් මරුට මැදිරිගිරිය, නව නගරය ගැමුණුපුර ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් අද(31) පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 31 December 2019
කබල්ලෑ-වල් ඌරු -ගෝන මස් විකුණා දඩකති හිඟුරක්ගොඩ හෝටලයක කබල්ලෑ මස්, ගෝන මස් , මුව මස් සහ වල් ඌරු මස් අලෙවි කළ තිදෙනෙකුට දඩ නියම කිරීමට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා අද (30) නියෝග කළේය. 30 December 2019
බස්නාහිර පළාතේ කළ මෙහෙයුමකින් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 30 December 2019
වංචනිකව මුදල් ගත් 6 ක් වේරහැරදී අත්අඩංගුවට වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් සංවිධානාත්මක කල්ලියක හයදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 30 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025