(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ රක්ෂිතයක තිබී නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31) සොයා ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කලුගල්හින්න පතන රක්ෂිතයේ තිබි සිරුර සොයා ගෙන ඇත.
කලුගල්හින්න ප්‍රදේශයේ දි සුනඛයකු විසින් මනුෂයකුගේ දකුණු අතක් රැගෙන යන බව දුටු ප්‍රදේශවාසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැනුම්දීමෙන් පසු රක්ෂිතයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ගල් තලාවක් මතින් සිරුර සොයා ගෙන තිබේ.
වයස අවුරදු 50-60 අතර වන බවට සැකකෙරන සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd