(සිතුම් චතුරංග)
කැබිතිගොල්ලෑව , දුටුවැව ප්‍රදේශයේ තිබී මියගිය වල් අලියකුගේ මළසිරුරක් අද (31) සොයා ගෙන තිබේ.
යාපනය, ත්‍රිකුණාමලය ඒ -32 මාර්ගයේ දුටුවැව මුරපොළ ආසන්නයේ වල්අලියාගේ සිරුර වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
මාර්ගය ආසන්නයේ මෙම අලියා මිය ගොස්ව සිටි අතර ශරීරයේ කිසිඳු තුවාලයක් හෝ දක්නට නොමැති බව ප්‍රදේශවාසීහු කියති.
වයස අවුරුදු 20 පමණ වන මෙම වල් අලියා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට වවුනියාව වනජීවි කාර්යාල නිලධාරීහු සැක පළ කරයි.
අලියාගේ මරණය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාල නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලියකුගේ සිරුරක් දුටුවැව පෙදෙසින් සොයා ගනී