(සිතුම් චතුරංග)
කැබිතිගොල්ලෑව , දුටුවැව ප්‍රදේශයේ තිබී මියගිය වල් අලියකුගේ මළසිරුරක් අද (31) සොයා ගෙන තිබේ.
යාපනය, ත්‍රිකුණාමලය ඒ -32 මාර්ගයේ දුටුවැව මුරපොළ ආසන්නයේ වල්අලියාගේ සිරුර වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
මාර්ගය ආසන්නයේ මෙම අලියා මිය ගොස්ව සිටි අතර ශරීරයේ කිසිඳු තුවාලයක් හෝ දක්නට නොමැති බව ප්‍රදේශවාසීහු කියති.
වයස අවුරුදු 20 පමණ වන මෙම වල් අලියා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට වවුනියාව වනජීවි කාර්යාල නිලධාරීහු සැක පළ කරයි.
අලියාගේ මරණය සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි කාර්යාල නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd