IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කපා කොටා ඝාතනය කළ සිරුරක් කිලිනොච්චියෙන් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැව් බැම්මක් පාමුල තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මලයාලපුරම් පුදුඅයියන් කුලම් වැව් බැම්ම පාමුල මළ සිරුරක් දැක ඒ බව අසල්වැසියකු විසින් කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇති අතර පසුව කිලිනොච්චිය පොලීසිය ස්ථානයට ගොස් මළ සිරුර සොයාගෙන ඇත.

මෙසේ සොයාගත් මළ සිරුර ඝාතනයක් බවට හෙළි වී ඇති අතර මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුරේ ස්ථාන කිහිපයකට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවට පොලීසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුනියාණ්ඩි විග්නේශ්වරන් නැමති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

ඝාතනය කරන ලද පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය වී ඇති බවට  පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

 

 



අදහස් (0)

කපා කොටා ඝාතනය කළ සිරුරක් කිලිනොච්චියෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site