(ක.ග.කරුණාරත්න සහ ඩබ් ඒ පියතිලක)
වැලිකන්ද සිංහපුර මාර්ගයේ පිහිටි පෞද්ගලික ගොවිපළකට අයත් විදුලි වැටක දැවටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද (01) අලූයම හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ අඩි 08ක් පමණ උසැති වයස අවුරුදු 35ක් පමණ අලියෙකු බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
සෝමාවතිය ජාතික වනෝද්‍යාණයේ විසූ මෙම අලියා රාත‍්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී අනවසර විදුලි රැහැනක දැවැටී තිබෙන බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
උදාවූ අලූත් අවුරුද්දේ වාර්තාවූ ප‍්‍රථම අලි මරණය මෙය බව වනජීවී නිලධාරීහු පැවැසූහ. වැලිකන්ද වනජිවි කාර්යාලය සහ වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූපය-ඩබ් ඒ පියතිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් තව අවුරුදු 10 ක් යන්න ඉස්සෙලා අපේ රටේ අලි ටික වද වෙලා යයි මරලම..............