(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පියා පුතු දෙදෙනාගෙන් පුතාගේ මළ සිරුරු අද (31) නයාරු මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි.
කැලණිය ප්‍රදේශයේ සිට මුලතිව් නයාරූ ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගිය පිය පුතු දෙදෙනාගෙන් එක්වරම පුතා දිය රැල්ලකට හසුවී ගසාගෙන ගොස් තිබූ අතර පුතා බේරීමට ගිය පියාද දිය රැල්ලකට හසුව ගසාගෙන ගොස් තිබුණි.
අනතුරුව මුලතිව් පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදහන්වූ පිය පුතු දෙදෙනාගෙන් පියාගේ සිරුර සොයාගැනීමට හැකි වුණද පුතාගේ මළ සිරුර හමු නොවීය. අනතුරුව අද උදෑසන පුතාගේ මළ සිරුරද නයාරු මුහුදු වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් යුද හමුදාවට දැනුම් දී මුලතිව් පොලීසියටද දැනුම් දී ඇත.
දිය නෑම ගොස් දියේ ගිලී මිය ගොස් ඇත්තේ කැලණීය දලුගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වරුණ ගමගේ සහ 16 හැවිරිදි ඔහුගේ පුතුවන ලබිඳු ගමගේ යන අය වන බවට පරීක්ෂණ කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd