(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පියා පුතු දෙදෙනාගෙන් පුතාගේ මළ සිරුරු අද (31) නයාරු මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි.
කැලණිය ප්‍රදේශයේ සිට මුලතිව් නයාරූ ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් නයාරු මුහුදු සීමාවේ දිය නෑමට ගිය පිය පුතු දෙදෙනාගෙන් එක්වරම පුතා දිය රැල්ලකට හසුවී ගසාගෙන ගොස් තිබූ අතර පුතා බේරීමට ගිය පියාද දිය රැල්ලකට හසුව ගසාගෙන ගොස් තිබුණි.
අනතුරුව මුලතිව් පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදහන්වූ පිය පුතු දෙදෙනාගෙන් පියාගේ සිරුර සොයාගැනීමට හැකි වුණද පුතාගේ මළ සිරුර හමු නොවීය. අනතුරුව අද උදෑසන පුතාගේ මළ සිරුරද නයාරු මුහුදු වෙරලට ගොඩගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින් විසින් යුද හමුදාවට දැනුම් දී මුලතිව් පොලීසියටද දැනුම් දී ඇත.
දිය නෑම ගොස් දියේ ගිලී මිය ගොස් ඇත්තේ කැලණීය දලුගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වරුණ ගමගේ සහ 16 හැවිරිදි ඔහුගේ පුතුවන ලබිඳු ගමගේ යන අය වන බවට පරීක්ෂණ කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නයාරූ මුහුදේ ගිලුණු පුතාගේ සිරුර හමුවෙයි