(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම පිරිසෙන් සැකකරුවන් 49 දෙනෙකු අපරාධ 44 කට අවශ්‍යව සිටි සැකකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් 860 දෙනකුගේ සහභාගීත්වයෙන් ඊයේ (29) බස්නාහිර පළතේ පොලිස් වසම් 110 ක් තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බව පොලිසිය පැවසීය.
වරෙන්තුකරුවන්, නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ පුද්ගලයන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වනබව පොලිසිය සඳහන් කළේය.
මෙම මෙහෙයුමේදී හෙරොයින් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd