(ක.ග.කරුණාරත්න)
බකමූණ පොලිස් වසමේ පදිංචි එක් දරු මවක අපයෝජනය කළ හමුදා සෙබළෙකු අද(31) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.
සැකකාර සෙබළා මන්නාරම යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙකු බවද, ඔහු නිවාඩු ලබා පැමිණ සිටින අතරතුර මෙම අපයෝජනය කර ඇතැයිද අනාවරණය වී තිබේ.
අපයෝජනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි එක් දරු මවකි. එම කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා එම කාන්තාව රෝහල් ගතකර ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට නොයෙක් වරප්‍රසාද තියෙන නිසා වෙන්න ඇති.