IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වංචනිකව මුදල් ගත් 6 ක් වේරහැරදී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් සංවිධානාත්මක කල්ලියක හයදෙනෙකු  අද (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයේ හා එහි ඉදිරිපිට ඇතුල්වන දොරටුව අසල රැඳීසිටිමින් නව රියදුරු බලපත‍්‍ර ලබාගැනීම, රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය සහතික ලබාගැනීම, නැතිවූ බලපත‍්‍ර ලබාගැනීම, රියදුරු බලපත‍්‍රවල කාලය දීර්ඝ කරගැනීම, තාවකාලික රිය පැදවීමේ බලපත‍්‍ර ලබාගැනීම හා දිර්ඝ කරගැනීම, නව අයදුම් කරුවන්ගේ ප‍්‍රායෝගික පරීක්ෂණය සමත්කර දීම වැනි කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම තැරැව්කරුවන් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව පොලිසිය පැවසීය.

මෝටර් රථ දෙපාර්තුමේන්තුවට විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන රස්තියාදුවකින් තොරව කඩිනමින් සේවාව ඉටුකරදෙන පවසා විවිධ මිල ගණන් යටතේ මොවුන් මුදල් ලබා ගෙන ඇතැයි පොලිසිට කරණු අනාවරණය වී තිබේ.

උපායදුතයන් යොදවා මොවුන් අත්අඩංගුවට ගැනීමට වේරහැර දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයට ගිය අවස්ථාවේ උපායදුතයන් ලෙස සැරසි සිටි පොලිස් නිලධාරීන්ටද මෙම සේවාවන් සිදුකර දීමට හැකියාව ඇති බව තැරැව්කරුවන් පවසා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට දින කිහිපයකට ඉහත දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම දෙපාර්තුමේන්තුවට පැමිණ රියදුරු බලපත‍්‍ර ලබාදීම කඩිනමින් ඉටුකර දෙන ලෙසත් මහජනයාට රස්තියාදුවකින් තොරව තම කටයුතු ඉටුකර ගැනීමට පහසුකම් සලසා දෙන ලෙසත් නියෝගකර නැවත පරීක්ෂාවක් සඳහා කෙටි කාලයකින් පැමිණෙන බවත් පවසා තිබියදීත්, කිසිඳු බියකින් සැකයකින් තොරව මෙම තැරැව්කරුවන් මහජනයාගෙන් මෙලෙස අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බව පොලිසීය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරලැස්ගමුව පොලිසියට භාරදුන් බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (1)

වංචනිකව මුදල් ගත් 6 ක් වේරහැරදී අත්අඩංගුවට

Nuwan Monday, 30 December 2019 03:24 PM

තරව්කරුවෝ ඔහොම කරන්නේ ඇතුලේ වැඩකරන අය ඇත්තටම ඔහොම කරන නිසානේ. මුලින්ම ඔවුන්ව රස්සාවෙන් පහකරලා අල්ලස් චෝදනා දාල ගෙදර යවන්න. එතකොට නිකන්ම හැදෙයි. ලංකාවේ ඕන තරම් සුදුස්සෝ ඉන්නවා ඔය රස්සා වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31919 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14375 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11200 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 9 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 261 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site