(දයාරත්න ඇඹෝගම)
සිය සැමියා කපා කොටා ඝාතනය කර මහමඟ ගමන් ගනිමින් සිටි කාන්තාවක් දොඹවෙලගම දී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (54) හැවිරිදි කාන්තාවකි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඳුවැව,ගොවිසෙවණ,නොච්චියාගම යන ලිපිනයේ පදිංචිව සිටි පි.ගුණදාස (56) හැවිරිදි පෙදරේරුවෙකි.
නොච්චියාගම පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව සිටියදී පිහියක් සහ යකඩ ඉන්නක් රැගෙන ලේ තැවරුණු ඇඳුමකින් සැරසුණු කාන්තාවක් මහමඟ ගමන් ගන්නා බවට පුද්ගලයකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබු කාන්තාවක් කිසියම් අපරාධයකට සම්බන්ධ බවට පොලිස් නිලධාරින් ඇය සමඟ නිවසට ගොස් පරික්ෂා කිරිමේදී කාමරයක් තුළ කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි අයගේ සිරුර සොයා ගෙන තිබේ.
මියගිය කාන්තාව කාලයක් තිස්සේ මානසික ආබාධයකින් පෙලෙන්නියක් බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ ආබාධයක් කියා ප්‍රචාරය කරන කතාව මැරුම් කෑ මිනිහ දුන්න වධ නිසා වුවක්ද සොයලා බලන්න. මේ විදියේ බොහෝ මිනී මැරුම්වල මුල බිරිඳට දස වධ දෙන සැමියන්.