(ඩී. ජී. සුගතපාල)
 
හබරාදුව පොලිස් වසමේ පනාගමුව ප්‍රදේශයේ ඉඩමක් එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයකුට එහි තිබී අත් බෝම්බයක් අද(31) හමුවී ඇතැයි පොලිසිය කියයි.
 
පසුව ඔහු වහාම ඒබව පොලිසියට දන්වා ඇති අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.
 
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක් ලබාගෙන විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය ලවා ඒවා නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවසීය.