(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේකර මුචලින්දාරාම විහාරස්ථාන භූමියේ නිධන් හෑරූ බවට චෝදනා ලැබූ පුද්ගලයන් හත්දෙනෙකු ජනවාරි 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(31) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ, හෝමාගම, පාදුක්ක, ගන්දර, ඕපනායක ප්‍රදේශවල පදිංචි සත්දෙනෙකි. ඔවුන් අතර, උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ නාවික හමුදා නිලධාරියෙක්ද වෙති.
එම විහාරස්ථාන භූමියේදී ඊයේ(30) නිධන් හාරමින් සිටි මෙම පිරිස ප්‍රදේශවාසීන් අල්ලාගෙන පොලිසියට බාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි. එම පිරිස බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විහාරස්ථාන භූමියක නිධන් හෑරූ 7දෙනෙකු රිමාන්ඩ්