(ක. ග. කරුණාරත්න)
මැදිරිගිරිය, නව නගරය ගැමුණුපුර ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් අද(31) පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නව නගරය ගැමුණුපුර පදිංචි 69 හැවිරිදි එම්. බී. රංජිත් හේමපාල නමැති සත් දරු පියෙකි.
එම පුද්ගලයා නිවෙසින් බැහැරට යද්දී ගෙවත්තේ රැඳී සිටි අලියකු පහරදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd