IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අපරීක්ෂාකාරීව බස් රථ පැදවූ රියදුරන් දෙදෙනෙකු රිමාන්ඩ්

 (ඩී.ජී.සුගතපාල)

බිමත්ව අපරික්ෂාකාරි ලෙස රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්ධයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලික බස් රථ රියදුරන් දෙදෙනෙකු 7 වැනිදා  දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (01)නියෝග කළාය.
 

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද්දේ ගාල්ල අම්බලන්ගොඩ බස් රථයක රියදුරෙකු සහ ගාල්ල කුමාරකන්ද හරහා බද්දේගම දක්වා ධාවනය වන බස් රථයේ රියදුරෙකි.
 
අද උදැසන ගාල්ල බස් නැවතුම් පොලේ සිට මෙම බස් රථ දෙක පිටත් විමට තිබියදි පළමුවෙන්ම බද්දේගම බසය පිටත්ව ගොස් දුම්රිය පොල ඉදිරිපිට නැවතුමේ සිටි මගින් නංවා ගනිද්දී අම්බලන්ගොඩ බසයේ රියදුරාද බස් නැවතුපොල ඉදිරිපිට වට රවුමේ වැරදි පැත්තෙන් වේගයෙන්  ගොස් දුම්රිය පොල ඉදිරිපිට නැවතුමේ මගින් නංවා ගනිමින් සිටි බද්දේගම බස් රථයේ හප්පා තිබේ.
 
පසුව රියදුරන් දෙදෙනා ආරවුලක් ඇති කර ගෙන ඇති අතර ඒ සමගම පැමිණි රථ වාහන අංශයේ සැරයන් නිහාල් (58401) මහතා ඔවුන් අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත කැඳවාගෙන පැමිණ පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ  අම්බලන්ගොඩ බස් රථයේ රියදුරා බිමත්ව සිට ඇති බවය.
පසුව දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කළාය.
 
ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් උදයංග (59058) මහතා විසින් රියදුරන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

අපරීක්ෂාකාරීව බස් රථ පැදවූ රියදුරන් දෙදෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site