තංගල්ල නගර සබේ මන්ත්‍රීවරුන් අතර බහින්බස් වීමක් තංගල්ල නගර සභාවට අයත් ළමා උද්‍යානයේ ඉදිකිරීමක ගෙවීම් සම්බන්ධ කතාවක් දුරදිග යාම නිසා ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරයකු සහ පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් අතර අද (27) පැවැති සභාවාරයේ දී බහින් බස් වීමක් ඇතිවිය. 27 December 2019
රාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරෙයි උඳුවප් මහේ සීතලත් සමගින් සංචාරක පුරවරයක් ලෙස සුප්‍රසිද්ධ ඇල්ල නගරයට හා රාවණා ඇල්ල නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් රැසක් පැමිණෙමින් සිටිති. 27 December 2019
කතකට හදි කළ සෙබළා අත්අඩංගුවට නිවසේ තනියම දිවි ගෙවූ 62 හැවිරිදි කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට 33 හැවිරිදි යුද හමුදාවෙන් පැන ගිය සෙබෙළෙකු අද (27) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 December 2019
නීතී විරෝධිව දැව ප්‍රවාහනය කළ ඉරන ලද බුරුත සහ කොහොඹ දැව තොගයක් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ට්රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවෙක් අද(27) අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි. 27 December 2019
රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට විදෙස් රටවල රැකියා ලබා දෙනවාදැයි පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අද (27) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 27 December 2019
ජනපති හදිසියේ වේරහැරට ජනතාව තමාව ජනාධිපති ලෙස පත් කළේ රාජ්‍ය සේවකයෙක් හැටියට බවත් තමාගේ කාලයේ රාජ්‍ය සේවය නිසියාකාරයෙන් සිදුවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) වේරහැරදී පැවසීය. 26 December 2019
නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට වැලිමඩ නැදුන්ගමුව මැදගොඩ ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි යකදුරෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 26 December 2019
වාහන තුනක් ගැටී හයදෙනෙකු රෝහලේ තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ ලිඳුල , බෙයාවේල් ප්‍රදේශයේදී වාහන තුනක් ගැටී අද (26) සිදු වූ අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලිඳුල පොලිසිය පවසයි. 26 December 2019
වෑන් රථයක් - ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් මරුට තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ නානුඔය , බංගලාහත ප්‍රදේශයේදී වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලිසිය පවසයි. 26 December 2019
වාහන අලුත්වැඩියා කර භාවිත කරන්නැයි මග නැගුමට ඇමැතිගෙන් උපදෙස් මගනැගුම ආයතනය තුළ භාවිතයට නොගෙන අතහැරදමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන සියල්ලම වහාම අලූත්වැඩියාකර භාවිතයට ගන්නා ලෙසට වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම ආයතනයේ නිලධාරීන්ට අද (26) උපදෙස් ලබා දුන්නේය. 26 December 2019
ත්‍රිරෝද රිය පෙරැළී දෙදරු පියා මරුට මාවනැල්ල රජයේ රෝහලේ සේවයේ නියුතු වයස අවුරුදු 44 දෙදරු පියෙකු ත්‍රිරෝද රථයක් පෙරළි එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. 26 December 2019
සියඹලාණ්ඩුව රෝහලේ මෘත ශරීරාගාරය විදුලිය නැතිකමින් වසාදමලා සියඹලාණ්ඩුව මූලික රෝහලේ අලුතින් ඉදිකළ මෘත ශරීරාගාරය විදුලිය නොමැතිකමින් වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 26 December 2019
සංචාරකයන් තිදෙනකු කළ පැමිණිල්ලක් ගැන ප්‍රසන්න රණතුංග වාර්තාවක් ඉල්ලයි දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි සංචාරකයන් තිදෙනෙකු, එහි දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(26) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ. 26 December 2019
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගනී දිග්ගල, බොල්ගොඩ ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් අද(26) හමු වූ බව පානදුර උතුර පොලිසිය කියයි. 26 December 2019
නිධන් හැරූ චීවරධාරියා ඇතුළු 6 ක් අත්අඩංගුවට පොළොන්නරුව වැලිකන්ද කරපොළ විල්ලුවේ ඉපැරණි ස්ථානයක නිධන් සෙවීමට ගිය චීවරධාරියකු,සිවිල් ආරක්ෂක බළකායේ නියාමකවරයෙකු ඇතුළු හය දෙනකු උපකරණ සමඟ අද (26) වැලිකන්ද පොලීසිය අත්අංගුවට ගෙන තිබේ. 26 December 2019
සුනාමියෙන් මිය ගිය අය සිහිකෙරේ සුනාමි ඛේදවාචකය සිදු වී අද(26)ට වසර 15ක් සපිරීම නිමිත්තෙන්, දිවයින පුරා විවිධ ආගමික වතාවත් පැවැත්විණි. 26 December 2019
හමුදා සාමාජිකයෙකු ලෙස පෙනී සිටි අයෙක් මත්කුඩු සමඟ දැලේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු මත්කුඩු මිලිග්‍රෑම් 250 ක් සමඟ අද (25) කැකිරාව පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 25 December 2019
මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි ඩෝරා යාත්‍රාවකින් ගමන් ගත් නාවික හමුදා සෙබලුන් පිරිසකට හමු වූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) ගොඩ බිමට රැගෙන විත් බේරුවල පොලිසියට භාරදී තිබේ. 25 December 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හම්බෙගමුව මයිලවල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය පවසයි. 25 December 2019
රිය අනතුරක් කර පලාගිය අයෙක් අත්අඩංගුවට රිය අනතුරක් කර පලාගිය හමුදා සෙබළකු අද(25) සැකපිට අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 25 December 2019
කේරළ ගංජා කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.87 ක් සමඟ පුද්ගලයෙකු අද(25) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 25 December 2019
මව අහිමි මුව පැටවා ආනවිලුන්දාව වනජීවි කාර්යාලයට ආරච්චිකට්ටුව, අඩිප්පල ප්‍රදේශයේ කැලයක අතරමංව සිටි මුව පැටවකු අද(25) බේරාගත් බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන කැලූම් නිශාන්ත මහතා පවසයි. 25 December 2019
අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 300කට පාසල් උපකරණ ගම්පහ, උඩුපිළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 300දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් උඩුපිළ ආසිරි ගොඩැනැගිලි ඉදිකිරීම් ආයතනයේදී පැවැත්විණි. 25 December 2019
අරුම පුදුම කෙසෙල් ගසක් බගවන්තලාවේ ගෙවත්තක බගවන්තලාව අරියපුර ගම්මානයේ පදිංචි කැළුම් ප්‍රදිප් කුමාර මහාතගේ නිවසේ ගෙවත්තේ වගා කර තිබෙන කෙසෙල් ගසක් මැදින් කෙසෙල් කැනක් මතු වි ඇත. 25 December 2019
බීඩිකොළ කිලෝ 47ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට නීතිවිරෝධීව බීඩිකොළ කිලෝ 47ක් සන්තකයේ තබාගෙන සිටි යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. 25 December 2019
වගා හානි කළ අලියාගේ සිරුර පැන් වඩා මිහිදන් කරති හසලක තෝරපිටිය ගම්මානයට තර්ජනයක්ව සිට මිය ගිය වන අලියකුගේ සිරුර ආගමික වතාවත් කර පැන් වඩා මිහිදන් කිරීමට එම ගම්වැසියෝ කටයුතු කළහ. 25 December 2019
වළකට වැටුණු වන අලියා ගොඩගනී මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේ වළකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට එම ප්‍රදේශයේ යුද හමුදාව හා පොලිස් නිලධාරීහු කටයුතු කළහ. 25 December 2019
ආපදාවලින් හානි වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර තද වැසි හේතුවෙන් මාර්ග නිවාස ඇතුළු හානි වූ දේපල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ.එම් .එල්. උදයකුමාර මහතා පැවසී ය. 25 December 2019
කේක් ගෙඩියක් තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් 19 ක් සොයාගනී නත්තල සඳහා සකස් කළ කේක් ගෙඩියක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබුණු හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ පුද්ගලයෙකු කල්පිටිය බත්තලන් ගුන්ඩුව දූපතේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය. 24 December 2019
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් 3000 කට වැටුප් නෑ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ නිරතව සිටින තමන්ට දෙසැම්බර් මස වැටුප අද (24) දින නොලැබුණ බව එහි සේවකයෝ පවසති. 24 December 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025