(ක.ග.කරුණාරත්න )
ඉරන ලද බුරුත සහ කොහොඹ දැව තොගයක් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවෙක් අද(27) අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි.
ඔහු දියබෙදුම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත.දැව තොගයේ වටිනාකම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පමණ වන බව කියති.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදුකර තිබේ. දැව තොගය සහිත ට‍්‍රැක්ටරය සහ සැකකරු අද(27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන නිලධාරීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd