(පාලිත ආරියවංශ)
නිවසේ තනියම දිවි ගෙවූ 62 හැවිරිදි කාන්තාවකට බරපතල ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට 33 හැවිරිදි යුද හමුදාවෙන් පැන ගිය සෙබෙළෙකු අද (27) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇගේ අත් පා බැද දමා මෙම අපරාධය සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු මෙම කාන්තාවගේ ඥාතී මුනුබුරෙක් වන බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලිසිය සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සෙබලා නොහොත් භටයා යනුවෙන් හැඳින් වීම වර්තමාන පාලනයට අනුව නිගාවකි. නමුත් තම මව වැනි 62 හැවිරිදි මහලු කතක් ලිංගික දූෂණයට ලක් කල මෙවැනි තිරිසනුන් රණවිරුවන්ද ? යුද්ධයේදී සටන් වැද ජීවිතය පූජා කළ සහ අබාධිත රණකාමින් හට අපහාසයක් නොවේද? පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා වල සියල්ලෝම එසේ නොවේ . යුද්ධ කළ අය හැර අන් සියල්ලෝම පොලිස් සහ හමුදා භටයන්ය. ඔවුන් සතු රාජකාරි ඇත. රණවිරුවා සහ භටයා පටලවා නොගත යුතුය.