(පද්මා කුමාරී කංකානම්ගේ)
නත්තල සඳහා සකස් කළ කේක් ගෙඩියක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබුණු හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ පුද්ගලයෙකු කල්පිටිය බත්තලන් ගුන්ඩුව දූපතේ දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සංක්‍රමණික ධීවරයෙක් බව පොලිසිය කීය.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් 75,000 ක් පමණ වන බව පොලිසිය පවසයි.
කල්පිටිය ධීවර ජෙටියෙන් පිටත්වන මගී ප්‍රවාහන යාත්‍රාවකට බත්තලන් ගුන්ඩුව දූපතේ සිටින පුද්ගලයෙකුට ලබාදීම සඳහා කේක් ගෙඩියක් ලබා දී ඇත.
එම කේක් ගෙඩිය භාර ගැනීමට බත්තලන් ගුන්ඩුව දූපතේ ජෙටියට තරුණයෙකු පැමිණ ඇති බවත් මෙම තරුණයා මත්කුඩු භාවිතා කරන්නෙකු බවත් ඔහු සැකකටයුතු ලෙස හැසිරුණ බවත් බත්තලන් ගුන්ඩුව පොලිස් මුරපොළේ නිලධාරියෙකු පැවසීය.
පසුව එලෙස සැකකටයුතු ලෙස හැසිරුණ තරුණයා සහ කේක් ගෙඩිය අත්අඩංගුවට ගෙන ඇත.
කේක් ගෙඩිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂමව හෙරොයින් පැකට් 19 ක් අසුරා තිබූ බව පොලිසිය පැවසීය.
සැකකරු හෙට (25) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කල්පිටිය පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කේක් ගෙඩියක් තුළ සඟවා තිබූ හෙරොයින් පැකට් 19 ක් සොයාගනී