IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වෑන් රථයක් - ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් මරුට

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ - නුවරඑළිය මාර්ගයේ නානුඔය , බංගලාහත ප්‍රදේශයේදී වෑන් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා බවත් ඔහු නානුඔය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි  අයෙකු බවත් පොලිසිය කියයි.

නුවරඑළියේ සිට නානූඔය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය තලවකැලේ සිට නුවරඑළිය දෙසෙට ධාවනය වූ වෑන් රථයේ වැදී ඇති අතර ත්‍රී රෝද රථ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරා නුවරඑළිය මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු කීය.

වෑන් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

 



අදහස් (0)

වෑන් රථයක් - ත්‍රීරෝද රථයක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site