(නාලක සංජීව දහනායක)
දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි සංචාරකයන් තිදෙනෙකු, එහි දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(26) සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
මෙම සංචාරකයන් තිදෙනා නෙදර්ලන්තයේ සිට ලංකාවට පැමිණ, රුපියල් 60,000ක් ගෙවා මෙම හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත. හෝටලය දැඩි ලෙස අපිරිසිදු බව පවසමින් ඔවුන් පෙරේදා(24) දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
රටට අපකීර්තියක් අත්වන මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසටද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සංචාරකයන් තිදෙනකු කළ පැමිණිල්ලක් ගැන ප්‍රසන්න රණතුංග වාර්තාවක් ඉල්ලයි