(රේඛා තරංගනී ෆොන්සේකා)
ජනතාව තමාව ජනාධිපති ලෙස පත් කළේ රාජ්‍ය සේවකයෙක් හැටියට බවත් තමාගේ කාලයේ රාජ්‍ය සේවය නිසියාකාරයෙන් සිදුවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) වේරහැරදී පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා පහසුකම් ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ සුහද පිළිසඳරක යෙදුන ජනාධිපතිවරයා ඔවුන්ට මුහුණ පෑමට සිදු වන ගැටලු වලට සවන් දුන් අතර රාජ්‍ය සේවය ඇත්තේ ජනතාවට පහසුකම් සැපයීමට බවත් එය කාර්‍යක්ෂමව ඉටුකරදිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සේවාවක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට එය භාරගත් වේලාව සඳහන් කර නැවත භාර ගැනීමට පැමිණිය යුතු වේලාව දැන්වීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් එවිට ආයතනය තුළ කාලය අපතේ නොයවා සිය කටයුතු ඉටු කර ගැනීමට ජනතාවට හැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවය යනු රොකට්ටුවක් හඳට යැවීමකට වඩා සරල ක්‍රියාවලියක් බවත් තමා වසර 30 ක් රාජ්‍ය සේවයේ නිරත වුවෙකු බවත් පෙන්වා දුන් ඒ මහතා නැවත මාසයකින් තමා පැමිණෙන විට බලපත් නිකුත් කීරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුවිය යුතු බවත් එහිදී පැවසීය.






COMMENTS
ඉතාම හොඳයි.
නියම හොර ගුහාවකට තමා ගිහිල්ලා තියෙන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා.
ජරා ගොඩේ හොඳම එක සුද්ද කරන්න පටන් ගන්න හොඳම තැනක් මෙතන.
එක්කෙනක් කියනවා ඇහුන අර පිටරටවල තියන වේටින් ටිකට් ක්‍රමය හඳුන්වා දුන්නනම් හරි කියලා, නමුත් ඒ සිස්ටම් එක ලඟදි ප්‍රධාන රාජ්‍ය බැංකුවකට සවිකලා, හැබැයි හයි කරලා මාසෙන් විතර ආපහු අයින් කලා, මොකද ඒක වැඩ කරන්න නම් වැඩේ ඉවර කවුන්ටරයේ කෙනා වෙකන්ට් බොත්තම ඔබන්න ඕනේ, නමුත් මේ ගොල්ලේ එක වැඩක් ඉවර කරලා බොත්තම ඔබන්නේ නැති ව නිකන් ඉන්නවා, සුපුරුදු පරිදි පෝලිම්, අන්තිමට ඒ සිස්ටම් ඒක ඇයින් කලා, ඔන්න ලංකවේ රාජ්‍ය සේවකයෝන්ගේ වැඩ.
සෝබන නැහැ. වැඩ විතරයි. ජය වේවා.!
ඔතන අයගෙන් වැඩක් කරගන්න නම් පගා දිය යුතුයි. අනිත් තැන තමයි පාස්පෝර්ට් කාර්යාලය.
කොටි වලිගෙන් අල්ලන්න බැහැ නේ ??.