IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් 3000 කට වැටුප් නෑ

(දයාරත්න ඇඹෝගම)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ නිරතව සිටින තමන්ට  දෙසැම්බර් මස වැටුප අද (24) දින නොලැබුණ බව එහි සේවකයෝ පවසති.

මේ හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ නිරතව සිටින 3000 කට අධික සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

නත්තල සැමරීමට සූදානමින් සිටින කිතුණු භක්තික නිලධාරීන් සහ සේවකයෝ ද මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

පසුගිය රජයේ විෂය භාරව සිට ඇමතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ආයතනය කඩා වැටුණු බව වෘත්තීය සමිති නිලධාරීහු කියති.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම සඳහා පමණක් මිලියන 500 කට ආසන්න මුදලක් වැයවන බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ වනවිට ආයතනයට දරා ගත නොහැකි සේවක පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ඉටු නොවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අධ්‍යක්ෂ ආරියරත්න මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම අඩුවීම හේතුවෙන් ආදායම ද අඩු වූ බවයි.

මේ හේතුවෙන් අද (24) දින ලැබුණ ආදායම එක්රැස්කර සේවකයන්ගේ වැටුප් ඔවුන්ගේ බැංකු ගිණුම් වල තැන්පත් කළ බවත් බ්‍රහස්පතින්දා වනවිට ඔවුන්ට සිය සම්පුර්ණ වැටුප් ලබාගත හැකි බවත් ඔහු පැවසීය.

 



අදහස් (0)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් 3000 කට වැටුප් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site