IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මව අහිමි මුව පැටවා ආනවිලුන්දාව වනජීවි කාර්යාලයට

(ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව, අඩිප්පල ප‍්‍රදේශයේ කැලයක අතරමංව සිටි මුව පැටවකු අද(25) බේරාගත් බව ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු වන කැලූම් නිශාන්ත මහතා පවසයි.
 
අඩිප්පල ප‍්‍රදේශයේ තම බිරිඳගේ නිවස පිටුපස කැලයේ මෙම මුව පැටවා වැටී සිටි බවත්, මුවපැටවාගේ මව කවරුන් හෝ මරාදමා ඇතිබවට සැකකරන බවත් ඔහු පවසයි.
 
පසුගිය දින කීපයකදීම එම ප‍්‍රදේශයේ මුවන් මරාදැමූ බවට තොරතුරු අනාවරණය වූ අතර එම සැකකරුවන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබිණි.
 
මුවපැටවා ආනවිලූන්දාව වනජීවි කාර්යාලයට භාරදීමට නියමිත බවද  මන්ත්‍රීවරයා පැවසීය. 



අදහස් (1)

මව අහිමි මුව පැටවා ආනවිලුන්දාව වනජීවි කාර්යාලයට

Dhaham - Vilpotha Sunday, 29 December 2019 04:05 AM

කලාතුරකින් අහන්න ලැබුනා, පුවතක්. අසරණ වූ මුවපොව්වා ගේ ජීවිතය රැකදුන් ඔබට ගොඩාක් පින් කුසලය හිමිවේවා!! ඔබතුමා, නිදුක්වෙවා, නීරෝගිසම්පත් ලබා , බොහෝකාලයක් සුවසම්පත් ඇතිව ජීවත්වෙවායි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි

:       0       74

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site