(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)
ඩෝරා යාත්‍රාවකින් ගමන් ගත් නාවික හමුදා සෙබලුන් පිරිසකට හමු වූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) ගොඩ බිමට රැගෙන විත් බේරුවල පොලිසියට භාරදී තිබේ.
බේරුවල ධීවර වරායේ සිට මුහුදු සැතපුම් 25 ක් පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබී මෙම මළ සිරුර හමු වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ලාංකික පුද්ගලයෙක්ද විදේශීය පුද්ගලයෙක්ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකි බව පොලිසිය සඳහන් කරයි.
ශරීරයේ ඇතැම් කොටස් මුහුදු ජීවීන් විසින් කා දමා ඇති බවත් හිසකෙස් සම්පූර්ණයෙන් ගොස් තිබූ බවත් මළ සිරුර දැඩිව නරක් වී තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කලුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි